ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ හා සංවිධාන 10ක නායකයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෙත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් ඊයේ (23) පවත්වා ඇති බව වාර්තා වේ.   මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පවත්වා ඇත. රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා විය.



එමෙන්ම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකතුව මාර්තු 02දා සංවිධානය කරන වර්තමාන අර්බුදය පිළිබඳව හා රට සෑදිම පිළිබඳව සාකච්ඡා කෙරෙන නිල ලියැවිල්ල එළිදැක්වීම හා සම්මන්ත්‍රණය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිර්ඝව විමසා ඇති අතර ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදෙන බවද ප‍්‍රකාශ කර තිබේ.  මෙම සාකච්ඡාව ඊයේ පස්වරු 06.00 සිට රාත්‍රී 8.00 පමණ වනතුරු පවත්වා ඇති අතර, ඒ සඳහා ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී  වාමාංශික පෙරමුණ, අපේ ජනබල පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය,ශ්‍රී ලංකා මහජන පක්ෂය,ජාතික කොංග්‍රසය,

එක්සත් මහජන පක්ෂය,යුතුකම සංවිධානය අතුළු පක්ෂ සහ සංවිධාන 10 ක නායකයෝ සහභාගි වී ඇති බව වාර්තා වෙයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන , ශ්‍රීලංනිප මහලේකම් පා.ම.දයාසිරි ජයසේකර සහ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර යන මහත්වරු සහභාගී ඇති බව වාර්තා වෙයි.