රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැන් සටහන් වන්නේ ඩොලර් 105.79 ක් ලෙසයි.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 100.54 දක්වා ඉහළ ෙගාස් ඇත
මෙලෙස ලෝක වෙළඳපොලේ තෙල් මිල සටහන් කරන්නේ 2014 වසරෙන් පසු ඉහළම අගයයි
මේ අතර රුසියානු – යුක්රේන අර්බුදයත් සමඟ ලෝක වෙළඳපොලේ රන් මිල තවත් ඉහළ ගොස් තිබෙයි
ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යෑමත් සමඟ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 131,500 දක්වාත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1ර්19,800 දක්වාත් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේය
0 Comments