යුක්‍රේන-ජනපතිට-රටින්-පැනයාමට-ඇමරිකාවෙන්-ලද-සහය-ප්‍රතික්ෂේප-කරයි

යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy එරටින් පළා ගොස් ප්‍රහාරවලින් බේරී සිටීමට ඇමරිකාව උදව් කරන්නට ගිය නමුත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබේ.


රුසියානු හමුදා සෙනසුරාදා අලුයම යුක්රේනයේ අගනුවර දෙසට කඩා වැදුණු අතර පිපිරීම් නගරය හරහා දෝංකාර දෙන අතරවරයේත් ජනතාව අමතමින් රටේ අනාගතය තීරණය කරන මෙම දරුනු වැටලීමට එරෙහිව නිර්භීතව “ස්ථිරව සිටින” ලෙස ජනාධිපතිවරයා රටෙන් ඉල්ලා සිටියේය.


ඇමරිකානු උදව් ප්‍රතික්ෂේප කරමින් ඔහු කීවේ: "සටන මෙතනයි මං එතැන ඉන්නවා‘ යනුවෙනි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අවසාන අරමුන ලෙස එක්සත් ජනපද නිලධාරීන් විසින් විස්තර කරන්නේ  යුක්රේන ආණ්ඩුව පෙරලා දැමීම බවත් තමා පළා ගියා යනු එය ඉටු කරදීමක් බව ඔහුගේ තර්කයයි.


 ඇමරිකානු ජනපතිගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ ඇමරිකානු බුද්ධි අංශ නිලධාරින් දෙවනුව දන්වා ඇත්තේ රටින් පලායාමට අවශ්‍ය නැති නමුත් අගනගරය කියෙව් වෙතින්  ඉවත්වන ලෙසයි. නමුත් සෙලෙන්ස්කි එයද ප්‍රතික්ෂේප කළේය.
එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් විශ්වාස කරන්නේ රුසියානු ප්‍රහාරය සැලකිය යුතු ප්‍රතිරෝධයකට මුහුණ දී ඇති බවත් එය ඉක්මනින් වෙනස් විය හැකි නමුත් පුටින් සිතුවාට වඩා සෙමින් ඉදිරියට යන බවයි.