පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් දෙන්නා එකිනෙකාට අභියෝග කිරීමෙන් පසු සහභාගී වන ආන්දෝලනාත්මක දේශපාලන සංවාදයක්, ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ ඊයේ (7) රාත්‍රී 10.00 සිට විකාශය කෙරිණි.  



පාස්කුදා ප්‍රහාරය පිළිබඳ ඇත්ත කතාව රටට හෙළි කරන්නැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට කළ අභියෝගය බාරගනිමින් ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ එම විවාදය පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විපක්‍ෂයේ ද එකගතාව මත තීරණය කර ඇති අතර ඒ අනුව ස්වර්ණවාහිනියේ විකාශය වන රතුඉර වැඩසටහන ඔස්සේ මෙම විවාදය පැවැත්විණි. රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සහ විපක්ෂය නියෝජනය කරන මනුෂ නානායක්කාර යන මහත්වරු ද මෙම විවාදයට සහභාගී විය.වීඩියෝව පහතින්.