දකුණු ඇමෙරිකාවේ පිහිටි හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වන ජුආන් ඔර්ලාන්ඩෝ හර්නන්ඩස් පසුගිය අගහරුවාදා දිනයේදී එරට පොලිස් අත්අඩංගුවට පත්වූ බව වාර්තා වෙයි.  ඔහුට එරෙහිව පවතින මන්ද්‍රව්‍ය ජාවාරම් සහ ගිනිඅවි වෙළදාම යන චෝදනා යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.මේ අතර පසුගියදා හොන්ඩියුරාස් රාජ්‍යයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පවතින චෝදනා යටතේ ඔහු එරට වෙත පිටුවහල් කළ යුතු බව සඳහන් කර තිබුණි.



ඒ අනුව හොන්ඩියුරාස් විනිසුරුවරයා විසින් මෙම අත්අඩංගුවට ගැනීම නියෝග කර තිබේ.විදෙස් මාධ්‍යවලට අනුව වසර 2004 සහ 2022 යන කාල අතරතුරදී සිදුවුණු මන්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වන චෝදනා යටතේ හර්නන්ඩස් තමන්ට අත්‍යවශ්‍යව සිටින පුද්ගලයෙකු බව එක්සත්  ජනපද තානාපති කාර්යාලය පවසා ඇත. මෙහිදි 53 හැවිරිදි හර්නන්ඩස් කොලොම්බියාවෙන් සහ වෙනිසියුලාවෙන් වෙත මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරමේ ප්‍රධානතම සාමාජිකයකු ලෙස හඳුනාගෙන  ඇතැයි පැවසෙයි.

අනතුරුව එම මත්ද්‍රව්‍ය එක්සත් ජනපදය වෙත නැව්ගත කර ඇත්තේද ෆර්නන්ඩස් විසිනි.

මේ අතර 2014 සිට 2022 දක්වා කාලය තුළ හර්ෂන්ඩස් හොන්ඩියුරාස්හි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී මන්ද්‍රව්‍ය සහ ගිනිඅවි ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන ගණනින් කප්පම් ලබා ගෙන තිබූ බවත් තානාපති කාර්යාලය පවසයි. එසේම ඔහු විසින් යාන්ත්‍රික ගිනිඅවි ඇතුළු ආයුධ භාවිත කිරීමත්, එම ආයුධ සදහා සහාය දැක්වීමක් යනාදී චෝදනාවන්ද එල්ල වී තිබේ.