borella-bomb-muni-free

බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි ‘මුනි‘ නමැති දේවස්ථාන සේවකයා නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (09) නියෝග කළාය.



ඒ අනුව, සෙල්වදොරෙයි ෆ‍්‍රැන්සිස් මුනින්ද්‍ර නොහොත් මුනි යන අය මෙලෙස නිදහස් කරනු ලැබූ අතර මෙම තැනැත්තා මෙම සිද්ධියේ 07 වන සැකකරු ලෙස නම් කර තිබුණේය.

සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන් නොමැති බවද මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය.

කිසිදු පදනමක් නැතිව සීසීටීවී සාක්ෂි තිබියදී මෙම සේවකයා නිරපරාදේ රඳවා සිටීම ගැන කාදිනල් හිමියන්ද පුවත්පත් සාකච්ඡාවකදී අප්‍රසාදය පළ කර තිබුණි.
මෙම පුද්ගලයා මාසයකට ආසන්න කාලයක් රඳවාගෙන අද නිදහස ලැබීය.