british-man-allegedly-raped-woman-during-nj-to-london-flight
පොළොවේ මෙන්ම අහසේ කොතැනකවත් කාන්තාවන්ට ආරක්ෂාවක් නැත යන්න පෙන්නුම් කරමින්. එක්සත් ජනපදයේ නිව් ජර්සි සිට ලන්ඩන් දක්වා එක රැයකින් ගමන් කළ යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් යානයක් තුළදී කාන්තාවක් දූෂණය කර තිබේ. විත්තිකරු සහ කාන්තාව යන දෙදෙනාම ව්‍යාපාරික පන්තියේ ගමන් කරමින් සිට ඇත. සෙසු මගීන් රාත්‍රියේ නිදාගෙන සිටිනු දුටු විත්තිකරු බලහත්කාරයෙන් කාන්තාව සමඟ සබඳතාවක් ඇති කර ගෙන ඇත.
කාන්තාවගේ පැමිණිල්ල මත සැකකරු ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ වෙතත් මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු ඇප මත මුදා හැර තිබේ. මෙම සිදුවීම ජනවාරි 31 වන දින සිදු වූවක් නමුත් ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කර ඇත්තේ දැන්ය.නිව් යෝර්ක් පෝස්ට් වාර්තාවක් මෙම පුවත තහවුරු කර තිබේ.


40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික වයාපාරිකයා දූෂණය සිදුකරන අතරතුර කාන්තාව හඬනගන්නට උත්සාහ කළත් ඔහු කට වසා ඇති අතර ඇගේ කෙඳිරිවලට ඇහුම්කන් දෙන්නට කිසිවෙකු සිට නැත. සිද්ධිය සිදුවෙද්දී සෙසු මගීන් සුවසේ නිදාගෙන සිටි බවද පැවසේ.

දූෂණයෙන් අනතුරුව වහා නැගිට ගිය බව කිවන කාන්තාව සිද්ධිය පිළිබඳව ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට දන්වා ඇත. කාර්ය මණ්ඩලය පොලිසිය අමතා සම්පූර්ණ සිද්ධිය ඔවුන්ට කියා තිබේ. ඉන් අනතුරුව යානය ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළට ගොඩ බැස්වීමත් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 විත්තිකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය මූලික ප්‍රශ්න කිරීම් සිදු කර ගුවන් යානයේ සාක්ෂි එකතු කළේය. එම කාන්තාව සහ විත්තිකරු එකිනෙකා හඳුනන්නේ නැති බවද වාර්තාවේ. චූදිත පුද්ගලයා සහ කාන්තාව වෙනම පේළිවල වාඩි වී සිට ඇත. කටඋත්තරයෙන් පසුව සැකකරු ඇප මත මුදා හැරියේ පරීක්ෂණ පැවැත්වෙන තුරුය.

ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය සිද්ධිය තහවුරු කර ඇත. මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළේය. කාන්තාවගේ වෛද්‍ය පරීක්‍ෂණය ද සිදු කර ඇත.