ගාල්ල බූස්ස වැල්ලබඩ දුම්රිය හරස් මාර්ගයේදී ත්රිරෝද රථයක් දුම්රියේ ගැටී එකම පවුලේ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අවාසනාවන්ත අනතුරක් අද වාර්තා විය.
අද පෙරවරු 10.45 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර වවුනියාව බලා ගමන් කරමින් තිබූ දුම්රියේ ත්රී රෝද රථය ගැටී තිබුණි.
අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයට ත්රීරෝද රථය ඇතුළු කරද්දී දුම්රිය එන බව දුටු සෙයක් පෙන්වන අතර රියදුරු ත්රීරෝද රථය ඉවතට කරගන්න උත්සාහ කළත් පසුපස වේගයෙන් එන දුම්රියේ ගැටී කුඩුපට්ටම්වී යයි.
සිද්ධියෙන් එහි ගමන් කළ සිව්දෙනාගේ සිරුරු සීසීකඩ විසිර ගිය බව වාර්තා විය.
මියගොස් ඇත්තේ බුස්ස පරණවත්ත පදිංචිව කාලිංග ජිනදාස පියා(85) කාලිංග සුනිමල් පුතා (46) පුතාගේ බිරිඳ ලසිකා කුමාරි මෙන්ඩිස් (48) සහ ලසිකා කුමාරිගෙ අම්මාවන මනිමෙල්දුර ඒමිස්හාමි(83) යන සිව්දෙනාය.
ඉඩම් ඔප්පුවක් ලිවිම සඳහා ඔවුන් ගාල්ලට යද්දී ත්රි රෝද රථය පුතා විසින් පදවාගෙන ඇති බවත් ඔහු අනතුරු සංඥා නොතකා දුම්රිය අනාරක්ෂිත මාර්ගය හරහා ධාවනය කර ඇති බවත් පොලිසිය පවසයි.
මියගිය අය එකම පවුලේ මව,පියා,පුත්රයා හා ලේලි වන අතර ඔවුන් රිල්ලඹ ප්රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා විය.
0 Comments