හිරු ටීවී නාලිකාවේ සේවය කරන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල ගංගාරාම පාරේ නිවසට ගල් අසූචි හා බිත්තර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි එම නාලිකාව වාර්තා කර තිබේ.
ගංගාරාම පාරේ වෙන් කළ නිවාස ඒකක කිහිපයකින් යුතු ආරක්ෂකයකු යොදා ඇති නිවාස සංකීර්ණයට උදෑසන 2.10 ට පමණ වැගන් ආර් රථයකින් පැමිණි තිදෙනෙකු එම ආරක්ෂකයාට ගිනි අවියක් පෙන්වා බිය කර ඇතුළුවී ඇති බව වාර්තා කර තිබේ.
හෙල්මට් ජැකට් ආදිය පැළඳ සිටි එම තිදෙනා ගල් අසූචි හා බිත්තර රැගෙන විත් නිවස දෙසට එල්ල කර ඇති බවත් වාර්තා කර තිබේ.
මේ හේතුවෙන් නිවසේ වීදුරු බිඳී ඇති අයුරු දර්ශන හිරු නාලිකාවේ විකාශය විය.
සමරවික්‍රම මහතා සඳහන් කර ඇත්තේ මෙම ප්‍රහාරය අතර වෙඩි තැබීමක්ද කර ඇති බවයි. සීසීටීවී දර්ශනද හිරු නාලිකාවෙන් පෙන්වූ අතර එහිදී තිදෙනෙකු නිවස ඉදිරියට පැමිණ මිනිත්තු දෙක තුනක් ගල් ගසා දිවයන අයුරු දැක්වේ.
පොලිසිය භාර සරත් වීරසේකර රාජ්‍ය ඇමතිවරයා ‘පියුමි හංසමාලිට යට ඇඳුම් යැවූ සිද්ධියක්‘ විස්තරාත්මකව හාරවුස්සන ලද්දේ චමුදිතය.
මෑතකාලිනව චමුදිත යළි ආන්දෝලනයක් ඇති කර තිබෙන්නේ දේශපාලන සබඳකම් ඇති විවාහකරූ රැජිණක සම්බන්ධ කරුණු ඇවිස්සීම නිසාය.
චමුදිත සමරවික්‍රම මහතා රාජ්‍ය ඇමතිවරයා සම්බන්ධ ගැටලුව පැනනැගි කාලයේ මරණ තර්ජන ලැබී ඇතැයි ඔහු හරේන්ද්‍ර ජයලාල්ගේ යූටියුබ් නාලිකාවට පවසා සිටි අතර පසුව පොලිස් පැමිණිල්ලක් කර තිබුණි. නමුත් එය බොරු පැමිණිල්ලක් යයිද ඒ ගැන විමර්ශනයක් කරන බවද මෑතක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා තිබුණි.
‘චමුදිතගේ නිවසට මැර ප්‍රහාරයක් පාන්දර 2.10 ට සුදු වෑන් එකක් ඇවිල්ලා‘ යනුවෙන් හෙඩිම යොදා ඒ ගැන හිරුටීවී අද උදෑසන පළ කළ වීඩියෝව පහතින්
0 Comments