channa-jayasumana-speaks

වයස අවුරුදු දොළහෙන් පහළ ළමුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම පිළිබඳ නිර්දේශ ළමා රෝග වි​ශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම සතිය තුළදී ලබාදෙනු ඇතැයි ඖෂධ සැපයීම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති චන්න ජයසුමන පවසයි.



මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත ලබාදීමට අවශ්‍ය නිර්දේශ ලබාදීම සම්බන්ධයෙන් එම සංගමයෙන් අදහස් විමසා ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

මේ පිළිබඳව කළ විමසීමකදී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ වයස අවුරුදු දොළහෙන් පහළ දරුවන්ට එන්නත ලබාදීම පිළිබඳව මේ වන විට සාකච්ඡා මට්ටමෙන් පවතින බවයි. මේ වන විට ළමුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර වයස අවුරුදු 12න් ඉහළ ළමුන් දාහත්ලක්ෂයකට කොවිඩ් ප්‍රතිශක්තිකරණ ලබාදී අවසන් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.