china-5g

චීනය තුළ පිහිටුවා ඇති 5G සන්නිවේදන තාක්ෂණික පහසුකම් බෙදාහරින මූලික ස්ථාන (Base Stations) සංඛ්‍යාව පසුගිය වසර අවසන් වනවිට මිලියන 1.43ක් දක්වා ඉහළ නැග ඇතැයි එරට කර්මාන්ත සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසයි.  ඒ අනුව මෙය සමස්ත ලෝකයේ පිහිටි මෙවැනි ස්ථාන සංඛ්‍යාව අතරින් 60%ක ප්‍රතිශතයක් බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේම අද වනවිට චීන වැසියන්ගෙන් 10,000කට මෙවැනි 5G සන්නිවේදන තාක්ෂණික ස්ථාන 10.1කින් සේවා සැපයීම සිදුකරන බවත් එහි වැඩිදුරටත් සදහන් වෙයි.චීන මාධ්‍ය සදහන් කරන ආකාරයට මෙලස රට තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ හැකියාවන් වර්ධනය කිරීමේ උත්සාහය යටතේ චීනය 2021 වසරේදී පමණක් මෙම 5G තාක්ෂණය වෙනුවෙන් ඩොලර් බිලියන 29ක ආයෝජන සිදුකර තිබේ. එය සමස්තතාණික කර්මාන්ත අංශය වෙත සිදුකර ඇති ආයෝජන අතරින් 45.6%කි. එසේම එය 2020 වසරේදී එම ක්ෂේත්‍රය වෙත සිදුකළ ආයෝජන හා සැසඳීමේදී 8.9%ක ප්‍රතිශතයක වර්ධනයකි. මේ අතර වසර 2022දී 5G සන්නිවේදන සේවා මෙන්ම,

ගිගාබිටි ෆයිබර්-ඔස්ටික් ජාලය සංවර්ධනය කිරීමේ කටයුතුද  මේ වනවිට සිදුකරමින් පවතින බව සඳහන් කරන අමාත්‍යාංශය,මේ හරහා 2023 වසර වනවීට එරට තුළ 5G තාක්ෂණය භාවිත කරන පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 560ක් දක්වා වර්ධනය අපේක්ෂාව බවද පවසයි.එසේම චීනයේ ජනතාවගෙන් 10,000කට සේවා සපයන 5G මූලික ස්ථාන සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ නැටවෙනු ඇතැයිද - අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.