cid-head-scam

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයන් සතුව තිබූ රුපියල් ලක්ෂ 72ක මුදලක් යටිමඩි ගැසීමේ සිද්ධියක් හසුවීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයක් දැරු පොලිස් නිලධාරියකුට එරෙහිව

විමර්ශන ආරම්භවී ඇතැයවි වාර්තාවෙයි.
 නයිජීරියානු ජාතිකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලිපි ගොනුවේ වැදගත් ලිපි ලේඛන ද අස්ථානගත කර ඇති බව මේ ගැන කරන පරීක්ෂණවලදී අනාවරණය විය.
 කොළඹට ආසන්න පොලිස් කොට්ඨාසයක උසස් නිලධාරියකු ලෙස සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණ මාස කීපයක් තුළ දී ඔහු මෙම වංචාව සිදුකර ඇති අතර එම මුදලින් කොළඹට ආසන්න නගරයක සිව්මහල් නිවසක් ඉදි කරන බව ද වාර්තාවී තිබේ.

 
මින් ඉහත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් ත්‍යාගයක් ලෙස ලැබුණ සුඛෝපභෝගී රියක් සම්බන්ධයෙන් ද  ඔහුගේ බැංකු ගිණුම්වලට මහා පරිමාණයෙන් මුදල් ද බැර වී තිබීම සම්බන්ධයෙන්ද අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරමා ඇත.