colombia-Pablo-Escobar-hipo

කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය රජු ලෙස හඳුන්වන පැබ්ලෝ එස්කොබාර් සිය සුරතලුන් ලෙස ඇති දැඩි කළ අප්‍රිකානු හිපපොටේමස් සතුන් 100දෙනෙකුගේ අනාගතය සම්බන්ධයෙන් තර්ජනයක් මතුව තිබෙන බව වාර්තා වෙයි.  පසුගිය සතිඅන්තයේදී කොලොම්බියානු රජය මෙම හිපපොටේමස් සතුන් සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවකට අනුව මෙම හිපපොටේමස් සතුන් "කොකේන් හිපපොටේමස්” සතුන් ලෙස නම්කර තිබෙන අතර,

ඔවුන් ආක්‍රමණික විශේෂයක්  ලෙස හදුන්වාදී තිබේ. ඒ අනුව මෙම සතුන් සම්බන්ධයෙන්  දැනට ඇති එකම විකල්පය වන්නේ ඔවුන් මරාදැමීම බවත් යෝජනාව වී තිබේ.

එස්කෝබාර්ට අයත්ව තිබූ උතුරුදිග බොගොටාවේ පිහිටි Hacienda Napoles වතු යාය වෙත සතුන්ට කිහිපදෙනෙකු ලෙස හඳුන්වා දුන් මෙම හිපපොටේමස් සතුන් අද වනවිට වර්ධනය වී ඇති අතර, එහි මග්දලේනා ගංගාව ආශ්‍රිතව දැන් හිපපොටේමස් සතුන් 130කට අධික සංඛ්‍යාවක් දැකගත හැකිය.  මෙහිදී උප-සහරා අප්‍රිකානු කලාපයට ආවේණික මෙම සතුන් හේතුවෙන් ගංගාව ආශ්‍රිතව වෙසෙන දේශීය වනජීවීන්ට මෙන්ම එය ආශ්‍රිතව ජීවනෝපායේ නිරත ජනතාවටද තර්ජනයක් වී ඇතැයි බලධාරින්  පවසයි. දැනටමත් මෙම පිරිස් සහ හිපපොටේමස් සතුන් අතර විවිධ ගැටුම්ද ඇතිව තිබේ.

මෙහිදී උපක්‍රමයක් ලෙස මෙම සතුන් ව වන්ද්‍යාකරණයට ලක් කිරීමක් සිදු කිරීමට උත්සාහ කළද, කිලෝග්‍රෑම් 1,800ක් පමණ බරකින් යුත් මෙම සතුන් සම්බන්ධයෙන් එය වඩාත් වියදම් අධික සහ අසීරු කටයුත්තක් බව පැවසෙයි. ඒ අනුව මෙම සතුන් ඝාතනය කිරීම ඊට ඇති එකම පිළියම බවද මෙම  වන්ද්‍යාකරණය භාරව සිටින එරට පරිසර ඒජන්සියේ ප්‍රධානියා  පවසයි.   "එය තමයි වඩාත් සුදුසුම විකල්පය වෙන්නේ.

එහෙම නැතවුණොත් මේ ගැටලුව තවත් දරුණු තත්වයට පත්වෙනවා." ඔහු පවසයි.   කලකට පෙර කොලොම්බියාවේ වඩාත් දරුණුතම මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම ලෙස සැලකුණු මෙඩෙලින් කණ්ඩායෙම් නායකයාව සිටි එස්කොබාර්, ජාත්‍යත්තර ෆෝබ්ස් සගරාවට  අනුවද ලොව මුල් පෙළේ පොහොසතුන් කිහිපදෙනා අතරටම නම්ව තබුණි.

ඔහු විසින් ගොඩනගා ගෙන තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ අධිරාජ්‍ය ඊට හේතු විය.  එහිදී ඔහු තමන් විසින් පවත්වාගෙන ගිය විශාල ගොවිපෙළ ඇතුළු භූමිය වෙත හිපපොටේමස් සතුන්, ෆ්ලෙමින්ගෝ පක්ෂීන්, ජිරාෆ්, සීබ්‍ර සහ කැංගරුවන්ද රැගෙන ඒම සිදුවිය. 1993 වසරේදී පොලිස් වෙඩි පහරකට ලක්ව එස්කොබාර් ඝාතනය වීමෙන් අනතුරුව මෙම හිපපොටේමස් සතුන් කිහිපදෙනෙකු ඇතුළුව අනෙක් සතුන් සත්වෝදන වෙත අලෙවි කෙරිණි. එහිදී ඉතිරි වූ හිපපොටේමස් සතුන් කිහිපදෙනෙකු පමණක් මෙම ගංගාව ආශ්‍රිතව කල්ගෙවීම සිදුවිය.