පාර්ලිමේන්තුවේ මුදල් අධ්‍යක්‍ෂවරයා ඇතුළු එහි සේවකයන් 25 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. කොවිඩ් ආසාදනය වූ පිරිසට පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු පස් දෙනෙක්ද ඇතුළත් වෙති.
කොවිච් ආසාදිත මෙම සේවකයන් නිරෝධායනය සහ හදිසි ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසිය. පාර්ලිමේන්තු සේවකයෝ 152 දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණවලට 31 දා යොමු කරනු ලැබූ අතර මේ විසි පස් දෙනාට කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගනු ලැබ ඇත්තේ එම පරීක්‍ෂණවලදීය.
කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනෙක්ද පාර්ලිමේන්තුවේ උසස් නිලධාරිනියක ද කොවිඩ් රෝගයට පසුගිය දින කිහිපයේ දී ලක් වූහ. කොවිඩ් රෝගයට මේ දක්වා ලක් වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 46කි. මේ ආසාදිතයන් හමුවීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බොහෝ අංශ විෂබීජහරණය කිරීමට ඊයේ පියවර ගත් බව එහි නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සහ නියෝජ්‍ය මහලේකම්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගේ උපදෙස් මත වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් ඊයේ ආරම්භ කරනු ලැබීය. මේ අතර පාර්ලිමේන්තුවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ තවත් වටයක් ලබන 3 වැනිදා බ්‍රහස්පතින් දා දිනයේ ද පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
සුජිත් හේවාජුලිගේ
Comments
Post a Comment
Your comment will be visible after approval