අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් අනුර දිසානායක මහතාට කොරෝනා ආසාදිත වී ඇතැයි තහවුරුව ඇත.




ලේකම්වරයා මේ වනවිට ප්‍රතිකාර සදහා යොමුව ඇත.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මියටද කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව ඇය නිවෙසේ නිරෝධායනයට යොමුවී සිටින්නීය. මේ අනුව කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ යනු ඇත. කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තු සේවකයන් සියයකට ආසන්න පිරිසක් පසුගිය සති කිහිපයේදී සොයා ගනු ලැබිණි.