කොළඹ අගරදගුරු නිලනිවසේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවේ දී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මෙසේ පැවසීය.
‘‘ අපි මේ සම්බන්ධයෙන් වතිකානයට දැනටමත් දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් තමන්ට කළ හැක්කේ කුමක්ද යන්න ගැන දැනුවත් කරන ලෙස පාප්වහන්සේ පෞද්ගලිකව ම කාදිනල් හිමිපාණන්ට දැන්වූවා.
ඒ සම්බන්ධයෙන් වන ඕනෑම ක්‍රියාමාර්ගයකට පාප්වහන්සේගේ උපරිම සහයෝගය ලබා දෙන බව දන්වා තිබෙන බවත් කිව යුතුයි.
අපි වසර තුනක් බලා සිටියේ සාධාරණය ඉටු වෙයි කියලා. නමුත් සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බව දැන් අවබෝධ වී තිබෙනවා. සාධාරණයක් වන බවක් පෙනෙන්නවත් නැහැ. අපි දකින්නේම වංක බව විතරමයි. සත්‍ය හෙළි වූ දිනට සියලු දෙනාගේ නිරුවත හෙළි කරගන්න පුළුවන්. එතකොට තමයි මේ රට දූෂිත බවින් නිදහස් කර ගැනීමට හැකි වන්නේ. අපි මේ ක්‍රියාවලියේ ඉන්නේ රට වෙනුවෙන්.
අපි කියන්නේ මේ රටේ අධිකරණය හෝ නීති පද්ධතියේ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රියාත්මක කරන උදවියගේ. මේ පිළිබඳ සත්‍යය අනාවරණය කර ගැනීමට පවතින නීති වෙනස් කළ යුතු නැහැ. මේක නොකිරීමයි ගැටලුව. නීතිය තිබෙන නමුත් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. හැම තැනම තියෙන ප්‍රශ්නය ඒකනේ. ඍජුව නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ නොදෙන බව බොහොම පැහැදිලියි. හැම ක්ෂේත්‍රයකට ම දේශපාලන බලපෑම් තිබෙනවා.
පොලිසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වගේම නීතිපති දෙපාර්තමේන්තුවටත් දේශපාලන බලපෑම් තිබෙනවා.’’
0 Comments