damitha-speaks-about-fake-news-baby

ප්‍රවීණ නිළි දමිතා අබේරත්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පසුගිය කාලයේ ප්‍රචාරය වූ අසත්‍ය ආරංචියක් ගැන ඇය සජීවීව ෆේස් බුක් වෙත පැමිණ අදහස් දක්වා තිබේ. දමිතාට නිවුන් දරුවන් ලැබෙන්නට සිටින බවටත් ඇය ඊට සූදානම් වන බවටත් එම පුවත තුළින් පළවී තිබුණි.
දමිතා අබේරත්න පවසන්නේ එය අසත්‍ය පුවතක් බවයි.
‘ඔව් මං අම්ම කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කාන්තාවක්. මට ලැබෙන්න තියෙනවා නම් ලැබෙයි.ඒත් මේක වැරදි ආරංචියක්.
මනුස්සයෙක් ඉපදෙන මැරෙන එක මව් පදවිය ලැබීම වැනි කාරනා විහිළු නෙමේ.

මේ වගේ සංවේදී කාරණා පළකරන්නට ඉස්සෙල්ලා හොයල බලන් නැත්තෙ ඇයි? පහුගිය කාලෙ මේ වගේ වැරදි ආරංචි නිසා කීදෙනෙක් මරල තියනවද. මෙවයින් හම්බ කරන්න හිතන අයට නම් යාදෙන්නෙ නැහැ.
මේ ආරංචි පතුරන්නේ මා ගැන නොදන්න අය නෙමේ. මට කලකට පසු වැඩ ලැබෙන කොට සමහරු කැමති නැහැ.. කවුරු හරි මේ වගේ බොරුවක් දැම්මම අනෙක් අයත් කොපි කර කර තව දේවල් එකතු කර කර දානව. මේව හොඳ වැඩ නෙමේ.

හොඳ මාධ්‍යවේදීන් ඉන්න රටක සමාජ මාධ්‍යවේදීන් අවනීතියක් මත මුදල් හොයන්න තරම් අද පිරිහිලා. මෙච්චර පහත් වැඩ කරන්න මිනිස්සු පෙළඹෙන්නෙ ඇයි කියල හිතාගන්න බැහැ.‘
සජීවීව ෆේස් බුක් වෙත පැමිණ දමිතා කළ කතාව පහතින්