dhammika-bandara-brother-covid19

පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් කොරෝනා රෝගයට දේශීය පැණියක් නිෂ්පාදනය කළ උඩුමාගම ‘ධම්මික බංඩාර‘ නොහොත් ධනපාල කංකානම්ගේ නමැති කට්ටඩි මහතාගේ බාල සහෝදරයා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයාමේ පුවතක් වාර්තාවේ.


කලක් තිස්සේ පිළිකා රෝගයෙන්ද පීඩාවිඳිමින් බෙහත් ලබාගත් බව කියන මියගිය අය ඉකුත් 12 වැනිදා රාත්‍රි නිවසේ දී මියයාමෙන් පසුව සිදු කළ පීසීආර් පරීක්ෂණයෙදී කොරෝනා රෝගයෙන් පීඩා විඳි බව තහවුරුවී ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල මාකූර ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන් බංඩා නැමැති 58 හැවිරිදි තිදරු පියෙකි.
ඔහුගේ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය නීතිරීති අනුව කෑගල්ල ආදාහනාගාරයේදී සිදුකරන ලදි.