ආර්ථික ගැටලු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසීය.
"අපි ආර්ථික මූල ධර්මයක් ලෙස තේරුම් ගන්න ඕන රුපියලේ අගය දේශපාලන වශයෙන් 198ත් 203ත් අතර තබා ගැනීම නිසා ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙලා තිබෙන බව. ගිය මාස 05ට පමණක් ඩොලර් බිලියන 1.7ක අඩුවීමක් තිබෙනවා 2020ට සාපේක්ෂව ඩොලර් ලැබෙන ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙනවා. අද ආටිගල ලේකම්තුමා කියලා තිබෙනවා පාකිස්තානයෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගන්න සාකච්ඡා කරනවා කියලා. ඉන්දියාවේ ඩොලර් බිලියනයක ණය එළඹෙන සතියේ ලැබෙනවා කියනවා. කෙටිකාලීන හුවමාරු හරහා මේ ප්රශ්නය විසඳගන්න ඔවුන් උත්සාහ කරනවා කියලා පේනවා.
ඒත් අනිත් පැත්තෙන් බැසිල් ඇමතිතුමා කියනවා ණය
ප්‍රතිව්‍යුහගත කරන්න සාකච්ඡා ආරම්භ කළා කියලා. ඔහු කියනවා සියලුම ණය හිමියන් සමග සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගත් මේ සාකච්ඡා පටන් ගත්තා කියලා. බැසිල් ඇමතිවරයා වගේම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණත් කියනවා. ඒත් ඊයේ නැවතත් මහ බැංකුවෙන් කියනවා කිසිදු ආකාරයකින් මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කටයුතු කරන්නෙත් නෑ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා කරන්නෙත් නෑ කියලා.මෙතන අවුල් ජාලයක් ඇති වෙලා තිබෙනවා. ආණ්ඩුව කරන්නේ මොකක්ද කියලා ආණ්ඩුවේම පාර්ශ්ව දන්නේ නෑ. මහ බැංකුව මොකක්ද කරන්නේ කියලා මුදල් අමාත්‍යාංශය දන්නේ නැහැ. මුදල් අමාත්‍යංශය මොකක්ද කරන්නේ කියලා.ජනාධිපතිවරයා දන්නේ නැහැ. මෙහෙම රටක් ඉදිරියට අරගෙන යන්න බැහැ.
රටේ මේ පිළිබඳ තීරණ ගන්න කණ්ඩායම එක කාමරයක වාඩිවෙලා කතා කරොත් හොඳයි. එක මතයක් ඉදිරිපත් කළොත් හොඳයි.
එහෙම නැතිනම් වෙන්නේ වෙළෙඳ පොළේ ලංකාව කෙරෙහි තිබෙන විශ්වාසය තවත් කඩා වැටෙනවා. එලෙස කඩාගෙන වැටෙන්න වැටෙන අපේ අර්බුදය තවදුරටත් පැටලිලි සහගත වෙනවා.හෙට වෙන්නේ මොකක්ද කියලා කිසි හැම කෙනෙක් දන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රට භාර ගන්නකොට තිබුන මේ රටේ මුදල්. ඒ කියන්නේ ඩිලාරු එකෙන් අච්චු ගහපු 100,1000, 5000 කොළ. ඊළඟට කාසි. ඒ වගේම ජංගම ගිණුම්වල තිබුණු මුදල්. මේ සියලු මුදල්වලට කියනවා පුළුල් මුදල් කියලා.
මේක තිබුණා රුපියල් බිලියන 7,500ක්. අද තිබෙනවා රුපියල් බිලියන 10,500ක්. ඒ කියන්නේ මුදල් ප්‍රමාණය අවුරුදු 02න් මේ රටේ 40%කින් වැඩි කරලා තිබෙනවා මේ කට්ටිය. අච්චු ගහලා දෙනවා. ඒත් මේ රටේ සියලු නිෂ්පාදනයන් වැඩි වෙලා තිබෙන්නේ 01%කින් මේ අවුරුදු දෙකට.01%කින් වැඩි වෙනකොට මූර්ත භාණ්ඩ හා සේවාවල නිෂ්පාදනය, මුදල් වැඩි වෙනවා නම් 40%කින් මොකද වෙන්නේ? 50-90% අතර සමහර ,
භාණ්ඩවල මිල වැඩි වෙලා තිබෙනවා.
උද්ධමනය කියන්නේ රටක රජයකට තමන්ගේ ජනතාව කෙරෙහි කරන්න පුළුවන් ලොකුම පාපකර්මය. 25%කින් උද්ධමනය ඉහළ යනවා කියන්නේ තමන්ගේ වටිනාකම 25කින් ආණ්ඩුව සොරකම් කරලා තිබෙනවා. රජයකට කරන්න පුළුවන් ලොකුම සොරකම තමයි මිනිස්සුන්ගේ වත්කම සොරකම් කරන එක. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ඒ.ටී.එම්. කාඩ් එක දාලා කවුරු හරි සල්ලි ඇද්ද එක වැරදි නම්, සමස්ත ජනතාවගේ ඒ.ටී. එම්. එකෙන් රාජපක්ෂ ආණ්ඩුව සල්ලි අදින එක වැරදි නැද්ද?"
0 Comments