එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ අංක එකේ ධනපතියෙකු වන ටෙස්ලා හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් අතර පවතින සීතල යුද්ධය තීරණාත්මක තැනකට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
බයිඩෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයා වන අතර මස්ක්  ට්‍රම්ප් සමයේ සිට රිපබ්ලිකන් පක්ෂයට සහාය දක්වයි. මෙම දේශපාලන එදිරිවාදිකම් හේතුවෙන් බයිඩෙන් පසුගිය කාලයේ විදුලි මෝටර් රථ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ රැස්වීමකට මස්ක්ට ආරාධනා නොකළ බව විශ්වාස කෙරේ.

මේ අතර, මස්ක්ගේ ටෙස්ලා සමාගම ඇමරිකාවේ පමණක් නොව ලොව පුරා විදුළි වාහන නිෂ්පාදනය අතින් ඉදිරියටම පැමිණීමත් ඔහුගේ ස්පේස් එක්ස් ඇතුලු ව්‍යාපෘති ජනප්‍රිය වීමත් නිසා ඇමරිකානු ජනපතිට ඔහු ගැන කතා නොකර බැරි විය.
වාහන රැස්වීමට ආරාධනා නොකිරීම ගැන බයිඩෙන් ටැග් කරමින් මස්ක් සමාජ මාධ්‍යවල ලිවීය - බයිඩෙන් යනු ඇමරිකානු පුරවැසියන් මෝඩයන් ලෙස සලකන  රූකඩයෙක් යයිද චෝදනා කළේය.
මේ අතර ටෙනසිහි විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම නිවේදනය කරමින් ජනාධිපති බයිඩෙන් ටෙස්ලා ගැන මුල්වරට සඳහන් කර තිබේ. මෙය බයිඩෙන් මස්ක් කෙරෙහි ඇති මිත්‍රත්වයේ හස්තය යැයි විශ්වාස කෙරේ. බයිඩෙන් ජනාධිපති වීමෙන් පසු පළමු වරට ටෙස්ලා ගැන ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත.

මස්ක්ගේ තියුණු ට්විටර් පණිවිඩයෙන් පසුව, ධවල මන්දිරය හෝ ඩිමොක්‍රටික් පක්ෂය විසින් සුදුසු පිළිතුරක් ලබා දෙනු ඇතැයි අනුමාන කළ නමුත්, මතභේදය උත්සන්න නොකිරීමට බයිඩෙන් සිතා සාමකාමී ලෙස ඔහු වර්ණනා කිරීම විශේෂිතය.

ජනාධිපතිවරයාගේ නිල ගිණුමේ ට්විටර් පණිවුඩයේ ඇමරිකාවේ ආයෝජනය කරන සමාගම් ගැන සඳහන් කර ඇත. ජෙනරල් මෝටර්ස් සහ ෆෝඩ් වෙතින් නව විදුලි වාහන ද එහි සඳහන් විය. අපේ රටේ විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා ටෙස්ලා බව ද බයිඩෙන්  ලියා තිබුණි. එලොන් මස්ක් සිනාමුසු අව් කණ්ණාඩි ඉමොජියකින් පෝස්ටුවට පිළිතුරු දුන්නේය.