ඔහු ඇතුළු පිරිසක් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් පසුගිය ජනවාරි 11 වැනිදා මාරාන්තික උපවාසයක් ද සිදුකරනු ලැබු නමුත් සඵල නොවීය. ජනපති කළ පත්වීම වෙනස් නොවීය.
උපවාසයේ යෙදී සිටින අතරතුර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඔහු රෝහල් ගත කිරීමටද කටයුතු කළ බවට වාර්තා පළවිය.
හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පුද්ගලිකව ලැබෙන කප්පමක් අහිමිවීම හා සම්බන්ධිත බවට ආරංචි පළ විය.
පසුගිය දිනවල හම්බන්තොට ලුණුලේවායේ සභාපතිවරයා සමග බරපතළ ගැටුමක නිරත වී සිටි එරාජ් ප්‍රනාන්දු මහතාට අවශ්‍ය වූයේ ඔහුව ගෙදර යැවීමටය. අවසානයේ තමා ගෙදර ගියේය.
මහින්ද ජනපති සමයේ එරාජ් රවීන්ද්‍ර පිස්තෝල පෙන්වා තර්ජන කිරීමේ සිදුවීමක් නිසා සහ පසුගිය වසරේ කොළඹ ඉඩම් ජාවාරමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට පත්වූ අයෙකි.
සභාපති නිශාන්ත සඳබරන් මහතා ලංකා ලුණු සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කරන විට රුපියල් කෝටි 100ක පාඩුවක් ලබා තිබූ ආයතනය ඔහුගේ පාලනය යටතේ ලාභ ලබන ආයතනයක් බවට පත් කරන ලදී. දැනට ලංකා ලුණු සංස්ථාවේ තැන්පතුව රු. මිලියන 500 කි.
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍රගේ මෙහෙයවීමෙන් ලුණු සංස්ථා සභාපතිවරයාට එරෙහිව පසුගිය කාලයේ විරෝධතා දක්වමින් කියා සිටියේ සඳබරන් මහතා ඥාතීන්ට පමණක් සේවය කරන බවට චෝදනාවක් නගමිනි.
නමුත් නගරාධිපතිවරයාගේ විරෝධයට සැබෑ හේතුව වූයේ ඔහු ලුණු සංස්ථාවෙන් එකතු කළ කප්පම් මුදල සඳබරන් මහතා අහිමි කරවීම බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර තිබුණි.
ඔහු ඉවත් නොකළොත් තමා අස්වන බව දක්වමින් එරාජ් ගිය මස උපවාස කළ අතර ඔහු ඉවත් නොවූ තැන තමා ඉල්ලා අස්විය.
0 Comments