face-book-law-settlement

ෆේස්බුක් වෙබ් අඩවිය මගින් එහි පරීශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු රැස් කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව සමතයකට පත් කිරීම සඳහා ඩොලර් මිලියන 90ක මුදලක් ගෙවීමට Meta Inc. සමාගම එකගතාවකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  අදාළ පරිශීලකයන් සිය ෆේස්බුක් ගිණුමෙන්

ඉවත් වීමෙන් අනතුරුවද ඔවුන්ගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් පිළිබදව දන්ත රැස්කළ බවට ෆේස්බුක් සමාගමට චෝදනා එල්ල වී තිබුණි. මෙය දැනට දශකයකට ආසන්න කාලයක් පුරා මතභේදයට ලක්වුණු පෞද්ගලික තොරතුරු සොයාගැනීම පිළිබද චෝදනාවක් වන අතර කැලිෆෝනියාවේ සන්ජොසේ ද ස්ත්‍රික් අධිකරණයේදී ඊට සම්බන්ධ නඩු විභාගය පැවැත්වුණි. ඒ අනුව ෆේස්බුක් සමාගම පසුගිය සදුදා දිනයේදී මෙලෙස ඩොලර් මිලියන 90ක මුදලක් ගෙවා එම චෝදනාව සමතයකට පත්කරගැනීමට කැමැති බව අධිකරණය  වෙත පවසා තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් විනිසුරුවරයාගේ අනුමැතිය හිමිවිය යුතුව තිබේ. එසේම මෙලෙස අනිසි ලෙස රැස් කරගත් එම දත්ත සියල්ලම මකා දැමිය යුතු බවටත් අධිකරණය

ෆේස්බුක් වෙත දැනුම් දී දත්ත රැස් කිරිමේ ෆේස්බුක් සමාගම සිය පරිශීලකයන් පිවීසත වෙබ් අඩවි සම්බන්ධයෙන් තොරතුරු රැස්කරගැනීම සදහා රහසිගතවම එම පරිශීලකයන්ගේ පරිගණක හෝ ස්මාට් දුරකථන තුළ කුකීස් වැඩසටහන් ගබඩා කරන බව අනාවරණය වී තිබේ. ඒ අනුව රැස් කරගන්නා මෙම තොරතුරු ඉන්පසුව දැන්වීම්කරුවන් වෙත අලවි කළ බවට චෝදනා එල්ල වෙයි.