fake-antigen-nabbed

චීනයේ සහ ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර, නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද ඇන්ටිජන් කට්ටල තොගයක් වැටළීමට පොලිසියට හැකිව තිබේ.


ජාවාරම එකම පවුලේ සහෝදරයෝ දෙදෙනෙක් සිදු කර ඇති අතර ලක්ෂ 15කට අධික වටිනාකමක් ඇති ප්‍රතිදේහ කට්ටල 1,000ක් සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා පොලිස් නිලධාරීන් කළ වැටලීමේදී අල්ලාගෙන ඇත.


 සැකකරුවන් ගේ වැල්ලම්පිටිය නිවෙස පරික්ෂා කිරීමේදී එහි තිබී චීනයේ හා ඉන්දියාවේ නිෂ්පාදිත වර්ග 5කට අයත් ඇන්ටිජන් කට්ටල 1,000කට ආසන්න තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් ඇන්ටිජන් කට්ටල පිටකොටුව ප්‍රදේශයේ  ජාවාරම්කරුවන්ගෙන් ලබාගෙන ඇති බවට  තොරතුරු හෙළිව තිබුණි. මුහුදු මගින් මෙරටට රැගෙන ආ එකක් රුපියල් 1,300ත්  1,400ත් අතර මුදලට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.