fill-t-arrested-panadura

රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පානදුර, කෙසෙල්වත්ත තක්ෂිලා විදනලයේදී පැවති උත්සවයකදී අශෝභන හැසිරීමක් සිදු කළ බවට චෝදනා ලද ආන්දෝලනාත්මක පුවත් මවන රැප් ගායක ‘ෆිල් ටී‘ අත්අඩංගුවට පත්ව තිබේ.
පෙරේදා (20දා) පස්වරුවේ  කෙසෙල්වත්ත තක්ෂිලා විදනලයේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සිසු සම්මන්ත්‍රණයට ෆිල්ටී පැමිණ තිබෙන අතර ඒ ආසන්නයේ කෑකෝ ගසමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී , පොලිස් ස්ථානාධිපතිවරයා ඔහුට අවවාද කර ස්ථානයෙන් පිටව යන ලෙස උපදෙස් දී ඇත.


 එහිදී සැකකරු ස්ථානාධිපතිවරයාගේ මුව ආවරණයෙන් ඇද ආවේගශීලීව හැසිරී ඇති අතර එය ගලවා දමන්නට උත්සාහ කර තිබේ. සාපරාධී බලහත්කාරය පෑම යටතේ සැකකරු අත්අඩංගුවට ගන්නට පොලිසියඉ ඒ අනුව කටයුතු කරන ලදි.
උත්සවයකට ආරක්ෂාව සපයමින් සිටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධාකර මුව ආවරණය ගැලවීමට උත්සාහ දැරීම ඔහුට එරෙහිව චෝදනාව වූ අතර ආචාරිගේ චමත් චානක නොහොත් රැප් ෆිල්ටී නමැති ගායකයා අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැප් ගායකයා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (21දා) නියෝග කළේය.
 මීට අදාළ නඩුව ඔක්තෝබර් මස 12 වැනිදා කැඳවීමට නියමිතය.