gampola-student-facebook-love

ගම්පොළ නිල්ලඹ කාර්යාල හන්දිය ප්‍රදේශයේ දී අතුරුදන්ව සිටි දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක ෆේස්බුක් පෙම්වතෙක් සොයා ගොස් සිටියදී භාරකරුවන් විසින් දින 2කට පසු ගලහ පොලීසියට ඉදිරිපත් කර තිබේ. සිය නැන්දාගේ (පියාගේ සොයුරිය) නිවසේ දරුවන් සමග සෙල්ලම් කරමින් සිටියදී ඇය අතුරුදන් වූ බවට ගලහා පොලීසියට පැමිණිලි ලැබී තිබිණි. 

මෙම පාසල් ශිෂ්‍යාවගේ නිවස ඇගේ නිවස ආසන්නයේ ඇතිමුත් එම නිවසේ අලුත්වැඩියා කටයුතු නිසා ඇය ඇගේ වැඩිමහල් සොයුරිය හා බාල සොහොයුරා මෙම නැන්දාගේ නිවසේ කාලය ගත කර ඇත.ඇගේ අධ්‍යාපන කටයුතුවලදී ඔන්ලයින් පාඩම් කටයුතු සදහා රැගෙන දුන් ජංගම දුරකථනයට වැරදීමකින් පැමිණි ඇමතුමක් අනුව පෙම්වතියක් වී ඇති ඇය දිගින් දිගටම එම පෙම්වතා සමග කතාබස් කර තිබේ. එම පෙම්වතා හැටන් බගවන්තලාව ප්‍රදේශය අයෙකු බව පවසා ඇති අතර ඔහුගේ ඡායාරූපයද ඇගේ දුරකථනයට එවා ඇත.මේ අතර පසුගිය 7වැනිදා සවස නිවැසියන්ට හොර රහස් ඇය රෙදි බෑගයද රැගෙන නිවසේ සිට ප්‍රධාන මාර්ගයට පැමිණි පසු මාර්ගයේ පැමිණි ත්‍රිරෝද රථයකින් ගම්පොළට පැමිණ තිබේ.ගම්පොළට පැමිණි පසු ත්‍රිරෝද රථයේ සිටි රියදුරාගෙන් රුපියල් සීයක් ඉල්ලා ගෙන ඇති ඇය හැටන් බලා ධාවනය වන බස් රථයකට නැග හැටන් බලා ගොස් එහි බැස එතනින් ඛගවත්තලාව බස් රථයකින් බගවන්තලාව නගරයට පැමිණි ඇති බවට අනාවරණය වී ඇත.




රාත්‍රී 11. 30 ට පමණ එහි ගොස් සිටි ඇය පෙම්වතා යැයි කිවූ අයට ඇය පැමිණ ඇති බව දුරකථනයෙන් පැවසීම නිසා එම පෙම්වතා ඔහුගේ ආච්චි හා නැගණිය සමග එහි පැමිණ තිබේ. නමුත් දුරකථනයට පැමිණි ඡායාරූපයේ ඉන්නේ ඔහු නැවත බව ඇය හදුනා ගැනීම නිසා ඒ පිළිබද විමසීමේදී එම තරුණයා පවසා ඇත්තේ ඡායාරූපයේ සිටින පුද්ගලයා මීගමුව ප්‍රදේශ සිටින බවයි.මේ නිසා ඇගේ බලාපොරොත්තු සුන් වී තිබේ. නමුත් එහි පැමිණි ආවිච් විසින් ඇය රැගෙන ගොස් එදින රාත්‍රී ඇගේ නිවසේ නවාතැන් දී පසුදා එම පාසල් ශිෂ්‍යාවට රුපියල් 400ක මුදලක් ලබාදී මීගමුවට යන ලෙස පවසා තිබේ.ඇය පසුදා එම නිවසින් උදේ කොළඹ බස් රථයකට නැග කොළඹට විත් පසුව යළි මීගමුව බලා ගොස් තිබේ. සවස හයට පමණ මීගමුවට මෙම දැරිය යන අවස්ථාවේ බගවන්තලාව මිතුරා විසින් සිදු කළ දැනුම් දීමකට හා ඇගේ දුරකථන ඇමතුමකට අනුව ඡායාරූපයේ සිටි පුද්ගලයා බස් නැවතුම් පොළට පැමිණ ඇත.




නමුත් එම පුද්ගලයා අදාළ පාසල් ශිෂ්‍යාවට පවසා ඇත්තේ තමන් කාටවත් ඡායාරූප යවා නොමැති බවයි. පසුව ඇය විසින් ඇගේ මවට කතා කර යළි මීගමුවේ සිට එදින රාත්‍රියේම මහනුවරට පැමිණ තිබේ. පසුදා අලුයම 1.30 ට පමණ අදාළ පාසල් ශිෂ්‍යයාව නුවර බස් නැවතුම්පොළට පැමිණින විට ඇගේ මව හා අනෙකුත් ඥාතීන් එහි පැමිණ සිටි අතර දැරිය පසුදා ගලහා පොලීසියට රැගෙන ගොස් ඇත. පොලීසිය විසින් දැරියගන් කටඋත්තර ලබාගෙන ඇති අතර දැරීය වෛද්‍ය පරික්ෂණයකට යොමු කර තිබේ.පසුගියදා දැරිය අතුරුදන් වූ බවට ලද පැමිණිල්ල අනුව ගලහා පොලීසිය විසින් මේ බව ඉහළ පොලිස් නිලධාරීන්ට දන්වා පසුව නාවලපිටිය පොලිසිය මගින් මෙසේ නිල සුනඛයන්ද ලවා මෙසේ පරික්ෂණ සිදු කර තිබුණි.

එසේම ගම්වාසීන් හා ඥාතීන් එක්ව මෙම දැරිය සොයා ගම්මාන කිහිපයක හා අවට ගල් ගුහා කැලෑ බද ප්‍රදේශ මෙන්ම බෝක්කු හා පාළු නිවාස වල පවා ඇය සොයා තිබේ.මෙම දැරිය ආදරවන්තයා සොයා යාමට කලින්ම සැලසුම් කර තිබී ඇති අතර ඒ අනුව අයදුම් බෑගය පවා සූදානම් කර තිබී ඇති බවට හෙළිවී ඇත.නමුත් ඇය රහසින් පලා යන අවස්ථාවේ සූදානම් කර තිබූ ඇදුම් බෑගය මාරු වී ගෙදර තිබූ වෙනත් බෑගයක් රැගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබේ. ඒ අනුව එම වැරදි බෑගයේ තිබී ඇත්තේ නැන්දාගේ රෙදි හා සාරි කිහිපයකි. ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශ්‍රියන්ත පීරිස් මහතාගේ උපදෙස් මත ගලහා වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගුණසේකර මහතා ඇතුළු . කණ්ඩායමක් පරික්ෂණ පැවැත්වූහ.


(ගම්පොළ -සුරංග දිල්ශාන්)