gonut-with-donut-italy-embassy

කැරපොත්තකු සහිත මිනිස් පරිභෝජනයට නුසුදුසු එළවළු කොත්තුවක් සැකසීම හා අලෙවි කිරීමේ චෝදනාවට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වරද පිළිගත් විත්තිකරුවකුට ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා රුපියල් 10,000 දඩයක් සහ පැමිණිලිකාරියට රුපියල් 50,000 ක වන්දියක් ගෙවන ලෙසට නියම කළේය. 

කොළඹ ඉතාලි තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනියක්  මහත්මිය සිද්ධියේ පැමිණිලිකාරිය වුවාය.මෙලෙස දඩ මුදල් නියම වූයේ කොළඹ 7 වෝඩ් පෙදෙසේ “ගෝනට් විත් ඩෝනට්" නමැති අවන්හලේ කළමනාකරු වන රොෂාන් දි,aරුක් නමැත්තාටය. ඉකුත් නොවැම්බර් 23 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පැමිණිලිකාරිය එම  අවන්හලින් එළවළු කොත්තුවක් අන්තර් ජාලය හරහා ඇණවුම් කර ආහාර සේවා සපයන ආයතනයක් හරහා එම කොත්තුව මිලදීන්ගෙන ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ.

එම කොත්තු රොටිය ආහාරයට ගනිමින් සිටියදී ඒ තුළ මියගිය කැරපොත්තෙකු සිටිනු දැක සිද්ධිය  කොළඹ මහ නගර සභාවේ මධ්‍යම ආහාර පාලන ඒකකයේ  දුරකතන අංකය වෙත දැනුම් දී ඇති බවද පැමිණිල්ලේ සඳහන් වේ.  ඒ අනුව කොළඹ මහ නගර සභාවේ මධ්‍යම ආහාර පාලන අංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.බී. ලාල් කුමාර මහතා:



තානාපති කාර්යාලයට ගොස් පරික්ෂණ පවත්වා කැරපොත්තා සහිත කොත්තු රොටිය සිය බාරයට ගෙන ඇති අතර, පැමිණිලිකාරිය ඒ සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළ බව අධිකරණයෙන් වාර්තා වේ.  නිලධාරීන් බාරයට ගත් කොත්තු රොටියේ සාම්පල් කොළඹ මහ නගර සභාවේ නාගරික රස පරීක්ෂණවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එහි කැරපොත්තෙකු සිට ඇති බවට තහවුරු කර ගෙන, එහි සාම්පල් කීට විද්‍යා අංශය වෙත යොමුකර සිටියේ කැරපොත්තකු බවට තවදුරටත් තහවුරු කරගෙන විත්තිකරුට එරෙහිව මාලිගාකන්ද අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.  නඩුවේ චෝදනාවලට විත්තිකරු අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට අධිකරණය හමුවේ තරයේ අවවාද කර රුපියල් 10,000 දඩ මුදලක් හා පැමිණිලිකාරියට රුපියල් 50,000 වන්දි මුදලක් ගෙවන ලෙසට නියම කළේය. විත්තිකරු එම වන්දි මුදලට අධිකරණයේ තැන්පත් කර ඇත.

කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතාගේ මෙහෙයවීමෙන්, කොළඹ නගර සභාවේ මධ්‍යම ආහාර පාලන අංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක එම්. බී. ලාල් කුමාර මහතා පැමිණිල්ල මෙහෙයවීය.


 ඉන්දිකා රාමනායක