පවතින සෞඛ්‍ය වැඩවර්ජනය අද (12) ත් අඛන්ඩව සිදු කර තිබෙන බව වාර්තාවේ. මේ හේතුවෙන් සෞඛ්‍ය සේවාවන්හි අත්‍යවශ්‍ය රාජකාරී පමනක් සිදු විය. රෝගීන් රාශියක් අපහසුතාවයට පත්විය.
මෙම වැඩ වර්ජනයට විසඳුමක් ලෙස රජය සාකච්ඡාවට ගියේ නැති අතර රජය මගින් උසාවි නියෝගයක් ලබාගැනීමට හා සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කිරීමට කටයුතු කර තිබේ.
නමුත් ඒවා ගණන් නොගෙන වර්ජනය දිගටම පවතී. වර්ජනයේ නිරත රවි කුමුදේශ් අද දින ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා දන්වා සිටියේ රජය සාකච්ඡාවට පැමිණෙන්නේනම් ඉල්ලීම් ගැන සලකා බලන බවක් පෙන්නුම් කරන්නේ නම් පැය දෙකකින් මෙය අවසන් කළ හැකි නමුත් රජය එසේ නොකර වටේ යන බවයි.
0 Comments