ipl-auction-2022-sri-lankans

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 15වැනි අදියර සඳහා වන ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක, ලොව අංක එකේ විස්සයි20 පන්දු යවන්නා වන වනිඳු හසරංග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට මිලදී ගනු ලැබීය.  අයි. පී.එල්. ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම වටිනාකම මෙය වන අතර, එහි වටිනාකම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 28.79ක් වෙයි. වනිඳු පසුගිය වසරේද බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.මෙහිදී වනිඳුගේ ලංසුව ඉදිරිපත් කරමින් සිටි අතරතුරදී වෙන්දේසිකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික හියු එඩ්මීඩ්ස් හදිසියේ ක්ලාන්ත වී බිම ඇදවැටීම හේතුවෙන්  වෙන්දේසිය තාවකාලීකව අත්හිටුවීමට විය. කෙසේ නමුත් පැයකට පමණ පසු යළි වෙන්දේසිය ආරම්භ කිරීමට හැකිවිය.මේ අතර ශ්‍රී ලංකා ආරම්භක වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මත්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 02ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 5.4) මුදලකට

අයි.පී.එල්. කෝඩුකාර කණ්ඩායමක් වන ලක්නව් සුපර් ජයන්ට්ස් විසින්ද, මහීෂ් තීක්‍ෂණ ඉන්දීය රුපියල් ලක්‍ෂ 70කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.8) චෙන්නායි සුපර් කිංග්ස් විසින්ද මිලදී ගනු ලැබීය.මීට අමතරව චාමික කරුණාරත්න කොල්කටා නයිට් රයිඩර්ස් විසින්ද, භානුක රාජපක්ෂ සුපැර් කිංග්ස් විසින්ද ඉන්දීය රුපියල් ලක්‍ෂ 50කට (ශ්‍රී.රු. කෝටි 1.35) මිලදී ගනු ලැබිණි. මෙවර ක්‍රීඩක වෙන්දේසි ලැයිස්තුවට වනිඳු, චමීර, මහේෂ්, චාමික ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23දෙනෙකු ඇතුළත්ව තිබිණි. එහිදී වනිඳු හසරංගට ඉන්දීය රුපියල් කෝටියකද (ශ්‍රී ලංකා රුපියල් කෝ. 2.70), චමීර, මහීෂ් හා චාමිකට ඉන්දීය රුපියල් ලක්‍ෂ 50කද මූලික වටිනාකමක් හිමිව තිබිණි.ඔවුන් දෙදෙනාට අමතරව චරීත් අසලංක, ධනංජය ලක්ෂාන්, පැතුම් නිශ්ශංක, දසුන් ශානක, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ,

අකිල ධනංජය, ළහිරු කුමාර, සීක්කුගේ ප්‍රසන්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා හා ඉසුරු උදාන යන ක්‍රීඩකයෝද මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටියහ. ඔවුන් සියලු දෙනාටද ඉන්දීය රුපියල් ලක්ෂ 50ක (ශ්‍රී.ල.රු.කෝටි. 1.35) මුලික වටිනාකමක් හිමිව තිබුණි.මේ අතර මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාගේ, මතීෂ පතිරණ, ඊයේ අන්තර්ජාතික වරම් හිමි කරගත් නුවන් තුෂාර, කෙවින් කොත්තිගොඩ මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටි අතර, ඔවුන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 20 (රු. ලක්ෂ 54) බැගින් වූ මූලික වටිනාකමක් හිමිව තිබුණි. කෙසේ නමුත් ඊයේ (13දා) ප.ව. 9.00 වනවිට පැවැති තත්ත්වය අනුව

ඉහත ක්‍රීඩකයන්ගෙන් චරිත් අසලංක, මතීෂ පතිරණ අලෙවි නොවූ ක්‍රීඩකයන් අතරට එක්ව තිබිණි. මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී මිල අධිකම ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රීඩක ඉෂන් ක්‍රිෂන් පත්විය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් නිදහස් කළ ක්‍රීඩකයෙකු වූ ක්‍රිෂන් එම කණ්ඩායම විසින්ම ඉන්දීය රුපියල් කෝටි 15.25කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 41.175) මිලදී ගනු ලැබීය. එමෙන්ම මෙවර වෙන්දේසියේ ඉහළම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා වූයේ එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩක ලියාම් ලිවිංග්ස්ටෝන්ටන්ය. ඔහු ඉන්දීය රුපියල් කෝටි 11.5ක (ශ්‍රී ලංකා රුපියල් කෝස්ට් 30.24) මුදලකට පන්ජාබ්. කිස් කණ්ඩායමෙන් මිලදී ගත්තේය. බැංගලෝර්හිදී ඊයේ (12, 13 දෙදින) අවසන් වූ මෙවර ක්‍රීඩක වෙන්දේසිය. සඳහා නම් කළ 600කට වැඩි ක්‍රීඩකයන් අතරීන් ලොව නම් දැරූ, ග්‍රැන්වයිස් ලීග් තරගාවලිවලදී කැපී පෙනෙන දක්‍ෂතා දක්වන ක්‍රීඩකයන් රැසකට මෙවර අයි.පී.එල්. දොරටු විවර නොවූහ.

මේ අතර මෙවර යොවුන් ලෝක කුසලානයේ තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් දකුණු අප්‍රිකාවේ ඩෙවොල්ඩ් බ්‍රේවිස් ඉන්දීය රුපියල් කෝටි 03කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 8.1) මුම්බායි ඉන්දියන්ස් විසින් මිලදී ගනු ලැබීය. දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ඒ.බී. ඩිවිලියන්ගේ පිතිකරණ විලාසයට සමාන හෙයින් බොහෝ දෙනෙක් ඔහු හඳුන්වනු ලැබුවේ 'බේබි ඒබී’ යනුවෙනි. එමෙන්ම යොවුන් ලෝක කුසලානයේ ලෝක ශූර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක් වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටද අයි.පී.එල්. වරම් හිමි වූ අතර, එහිදී අවසන් තරගයේ වීරයා වූ රාජ් බාවා පන්ජාබ් කිංග්ස් විසින් ඉන්දීය රුපියල් කෝටි 02කට මිලදී ගත්තේය.ම

ේ අතර කලක සිට එකම කණ්ඩායමක් ( නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම මෙවර වෙනත් කණ්ඩායම් විසින් මිලදී ගැනීමද සුවිශේෂී විය. ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් නියෝජනය කළ ෆෆ් ඩු ප්ලෙසිස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (ඉන්දීය රුපියල් කෝටි 07) විසින්ද, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයක්වය පවා දැරූ ඩේවිඩ් වෝනර් දිල්ලි කැපිටල්ස් (ඉන්දීය රුපියල් කෝටි 8.75) විසින්ද, මුම්බායි ඉන්දියන්ස් ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් ලක්නව් සුපර් ජයන්ටිස් (ඉන්දීය රුපියල් කෝටි 6.75) විසින්ද මිලදී ගනු ලැබිණි.


(විශ්ව මුදියන්සේ)