kalubowila-pusy-arrested

දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේදී ඊයේ (07) සවස් කාලයේදී අත්අඩංගුවට ගත් ‘පූසි‘ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කාරිය සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 64ක් සොයාගෙන තිබේ.


පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වැටලීම සිදුකර තිබූ අතර එහිදී සැකකාරිය විදෙස්ගතව සිටින බඩෝවිට අසංක නමැති ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය  ප්‍රවාහනය කර ඇති බවද අනාවරණය වී තිබේ.
එහි වටිනාකම රුපියල් කෝටි එකහමාරකට අධික බවද විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසීය.
40 හැවිරිදි  'පූසි'  ඉන්දික ගමගේ නොහොත් ආමි ඉන්දික නමැත්තාගේ බිරිඳ බවද මේ කාලයේ කුඩු රැජිණක් ලෙස නම් දැරූ තැනැත්තියක බවද පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.


2001 වර්ෂයේදී නිට්ටඹුව ප්‍රදේශයේ වෙළෙඳසැළක රුපියල් කෝටියකට අධික දේපළ මංකොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ පූසිගේ සැමියා වන ආමි ඉන්දික නමැත්තාය.