ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝහි වාසය කරමින් සිටි හුරුබුහුටි 3 හැවිරිදි ඇෆ්ගනිස්ථාන දැරියකගේ අනපේක්ෂිත අතුරුදන්වීම නිසා එරට මාධ්‍ය කැළඹී තිබේ. මේ වනවිට ඇය ගැන තොරතුරක් සොයාදෙන කෙනෙකුට ලබාදෙන ත්‍යාග මුදල ඩොලර් 250,000 දක්වා ඉහළ දමා ඇතැයිද සීඑන්එන් අද (22) වාර්තා කළේය.
ලීනා සාර්ධා ක්හිල් නමැති ඇයගේ අතුරුදන්වීම සිදුවන්නේ පසුගිය දෙසැම්බර් 20 වනදාය. ඇය ක්‍රීඩා පිටියක ක්‍රීඩාකරමින් සිටිනු අවසන්වරට හමුවන සීසීටීවී දර්ශන වලින් සාක්ෂි සපයා ඇති අතර එදින සවස 5 සිට පමණ ඇය සොයාගන්නට නැත. ළදරු පාසල නිමවී සැන් ඇන්ටෝනියෝ හි ෆ්‍රෙඩ්රික්ස්බර්ග් පාරේ 9400 බ්ලොක් හි ක්‍රීඩා පිටියක ඇය සෙල්ලම් කරමින් සිට ඇත්තේ මව ඇය රැගෙන යාමට පැමිණෙන තුරුය. නමුත් වෙනදා වෙලාවට පමාවී මව එදින පැමිණ ඇති අතර මව පැමිණ ඇය සොයද්දී ඇය අතුරුදන්ව සිටියාය.

ලීනා අවසන් වරට දැක ඇත්තේ රතු ඇඳුමකින්, කළු පැහැති ජැකට්ටුවකින් සහ කළු සපත්තු වලින් බව පොලිසිය පවසයි. ඇයගේ බර රාත්තල් 55 ක්, දුඹුරු ඇස් සහ සෘජු දුඹුරු හිසකෙස් ඇත.


ලීනාගේ අතුරුදහන් වීමේ "සැක සහිත ස්වභාවය" හේතුවෙන් පොලිසිය කුණු කසළ සහ අසල මෝටර් රථ මෙන්ම ඇගේ නිවාස සංකීර්ණය සෝදිසි කර තිබේ. FBI දිය යට සෙවීම් සහ සාක්ෂි ප්‍රතිචාර කණ්ඩායමක් ජනවාරි මුලදී සෙවීමට සම්බන්ධ විය. නමුත් ඇය හමුවූයේ නැත.
දරුවාගේ පවුල සැන් ඇන්ටෝනියෝ හි ඇෆ්ගනිස්ථාන සරණාගතයින් සමග සිටින අතර, ඔවුන් එක්සත් ජනපදයට පැමිණියේ කවදාද යන්න පැහැදිලි නැත,
සැන් ඇන්ටෝනියෝ පොලිස් ප්‍රධානී බිල් මැක්මනුස් සෙනසුරාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ දෙපාර්තමේන්තුව තවමත් ලීනා සොයා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.


"අපගේ උත්සාහයට විරාමයක් නැත. දෙසැම්බර් 20 වැනිදා අතුරුදහන් වූ ලීනා සර්දාර් ඛිල් සොයා ගැනීමට SAPD FBI සමඟ දිගටම කටයුතු කරයි. විමර්ශනය සිදුවෙමින් පවතී. කරුණාකර ඔබට එය කෙතරම් නොවැදගත් යැයි සිතිය හැකි ඕනෑම තොරතුරක් වාර්තා කරන්න. " මැක්මනුස් අදහස් පළ කළේය.

සැන් ඇන්ටෝනියෝ හි ඉස්ලාමීය මධ්‍යස්ථානය දැරිය ආරක්ෂිතව ආපසු පැමිණීම සඳහා තොරතුරු සඳහා ඩොලර් 200,000 පිරිනමයි. ඊට අමතරව, සැන් ඇන්ටෝනියෝ ක්‍රයිම්ස්ටොපර්ස් පැවසුවේ “ලීනාගේ අතුරුදහන් වීමට කිසියම් සම්බන්ධයක් ඇති බවට චෝදනා ලැබ සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හෝ අධිචෝදනා කිරීමට ඇති තොරතුරු සඳහා මෙම නඩුව සඳහා පමණක් සහතික කළ ඩොලර් 50,000 ක ත්‍යාගයක් ලබා දෙන බවයි.
(සීඑන්එන් ඇසුරිනි - Gossiplankanews.com)
 







lina-sardar-khil-missing-san-antonio-reward-increases