maths-lesson-inabuse

පෞද්ගලික උපකාරක පන්තියක් තුළ දී බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම  සම්බන්ධයෙන් සැකපිට උපකාරක පන්ති ගුරුවරයකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.  ද

ැරියගේ පියා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. අතවරයට පත් දැරිය අධිකරණ වෛද්‍ය  නිලධාරියකු වෙත යොමු කර ඇතැයි ද පොලිසිය කීය. ගණිත විෂය හැදෑරීම සඳහා වසරකට ආසන්න කාලයක සිට 13 හැවිරිදි දැරිය සැකකාර ගුරුවරයාගේ උපකාරක පන්තියට  සහභාගි වී ඇති අතර, පසුගිය 29 දා දැරිය  ගුරුවරයා ලබාදුන් ප්‍රශ්න අනෙකුත් දරු දැරියන්ට පෙර නිමකර පෙන්වා ඇත.

අනතුරුව සැකකාර ගුරුවරයා අනෙක් සිසු සිසුවියන්ට නොපෙනන ස්ථානයක  තිබෙන පොත් රාක්කයක් අසලට යන ලෙස දැරියට දන්වා එහි තිබෙන පොත් පිළිවෙලකට තබන ලෙස උපදෙස් දී ඇතැයි  ද පොලිසිය කියයි.

  උපදෙසට අවනත වූ දැරිය එම පොත්  රාක්කය අසලට ගොස් එහි තිබෙන පොත්  පිළිවෙලට තබන අවස්ථාවේ දී එම  ස්ථානයට පැමිණ ඇති ගුරුවරයා දැරියගේ  පපු ප්‍රදේශය ඇතුළු ශරීරයේ ස්ථාන  කිහිපයක් අතින් පිරිමැද මුහුණ සිඹ ඇති බවට දැරිය ප්‍රකාශ ලබා දී ඇතැයි  පොලිසිය කියයි. එම අවස්ථාවේ දී දැරිය බේරීමට ගුරුවරයාව තල්ලු කරමින් ඇගිලි වලින් සූරා ඇතැයි ද පොලිසිය කියයි.  සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.