ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙනදුන් Miss International UK රූ රැජින කිරුළ දිනූ පළමු සුදු නොවන කාන්තාව වූ  Evanjelin Elchmanar මෙනවිය ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව  උපන් ඇය

බර්මින්හැම් නගරය නියෝජනය කරමින් ජයගත්තාය. මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන 60 වැනි ජාත්‍යන්තර රූ රැජින තරගයේදී  එක්සත් රාජධානිය නියෝජනය කරනු ඇත.


මෙය විශ්ව රූ රැජින සහ ලෝක රූ රැජින සමානව පැවැත්වෙන විශාල තරග තුනෙන් එකකි.
ඇයගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගෙන එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඇයගේ දායකත්වය ලබා දීමයි.

ඇය කුඩා කල සිටම පුණ්‍ය කටයුතුවල නියැළී සිටින බැවින්, ඇය ශ්‍රී ලංකාවට පැමිණීමේ ප්‍රධාන මුල පිරීම් කිහිපයක් නම්, දුප්පතුන් සඳහා  නිවාස ඉදිකිරීම, විවිධ පාසල් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම, ගෘහස්ථ හිංසනයට එරෙහිව දැනුවත් කිරීම, කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ දැනුවත් කිරීම, දේශගුණික විපර්යාසවලට එරෙහිව නැගී සිටීම සඳහා දැනුවත් කිරීම, තිරසාර ජීවන රටාව සහ කාබනික සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම, ආදියයි.
එවන්ජලින්ගේ පියා මඩකලපුවේ ව්‍යාපාරිකයෙකු වූ අතර ඇගේ මව ගාල්ලේ ප්‍රදේශයේ පදිංචිව සිටියාය.