mohan-priyadarshana-de-silva-speaks

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වගකීම නිසියාකාරව අවබෝධ කරගෙන කලට වෙලාවට එන්න” කොරෝනාවෙන් රට බේරාගත් නිසා විපක්‍ෂයේ "පොරවල්වලට' දැන් ගෑස්, තෙල් පෝලිම්වලට ගිහින් 'පොර ටෝක්" දෙන්න හැකි වී තිබෙන බව බළපීටිය රැස්වීමකදී වෙරළ සංරක්‍ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය.  ඔහු මෙසේ කීය.



"ජනාධිපති අගමැති ඇතුළු අපි ඔක්කොම කාල බීල චූන් එකේ නිදාගන්නවා කියලයි හැමදෙනාම හිතාගෙන ඉන්නේ.  පාස්කු ප්‍රහාරවලින් ආර්ථිකය කඩාවැටුණු බව කාටත් මතක නැහැ. කෝවිඩ් රෝගය තිබුණු බවක් මතකත් නැහැ. කෝවිඩ් මර්දනය කළ රටවල් අතරින් ලෝකයේ තුන්වැනි හතරවැනි තැන අපි ඉන්නවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා වගකීම නිසියාකාරව අවබෝධ කරගෙන රටේ සියලු ජනතාවට එන්නත් තුනක්දී කොරෝනාවෙන් බේරාගත් නිසා විපක්‍ෂයේ පොරවල්වලට දැන් ගෑස් පෝලිවලට ගිහින් පොර ටෝක් දෙන්න හැකි වී තිබෙනවා. කොරෝනා මර්දනය කළේ නැති නම් මිනිසුන්ට ගෑස් හා තෙල් පෝලිම්වලට යන්න හැකි වෙනවද?

මෙතෙක් ඉතිහාසයේ ගමට නොආපු මුදල් ප්‍රමාණයක් ගමට එනවා. එයින් ගම සංවර්ධනය වෙනවා. ව්‍යවසායකයන් බවට පත් කරනවා. කයිවාරු ගහන විපක්‍ෂයේ මිනිස්සු කියන්නේ සංවර්ධනයට ඒ මුදල් දෙන්නේ නැතුව හාල් කිලෝ පහකුයි පරිප්පු ටිකකුයි දෙන්න කියලයි.

ගමේ සංවර්ධනය කළාමයි රටක් ඉදිරියට යන්නේ. ලොකු විශ්වාසයක් ඇතුවයි  මේ වැඩ කරන්නේ. දැන් සංචාරකයන් රටට වැඩිපුර එනවා. ඉදිරි අවුරුදු තුන කාලය තුළ දී ඉතා ඉහළ සංවර්ධනයක් ඇති කරනවා. මැතිවරණ කල් දමනවා කියල විපක්‍ෂයේ අය කෑගසනවා. පළාත් සභා ඡන්දෙ කල් දැම්මේ අපි නොවෙයි. ඒ අයට ඒක දැන් මතක නැති වෙලා”