neelaka-horana-kid-kidnap

8pm update
බිරියගේ අනියම් ඇසුරක් දැනගැනීමෙන් පසු ඇගේ අතපය කපා දමා තිබූ ‘නීලක‘ නමැති සැකකරු අද දින අහසට වෙඩි තබා බිය වද්දා නැන්දා භාරයේ සිටි  7 හැවිරිදි සිය දරුවා පැහැරගෙන යාමේ සිද්ධියක් වාර්තාවීමෙන් පසු ඔහු සොයා පොලිසිය මෙහෙයුමක් ඇරඹූ අතර හොරණ, වැල්ලපිටිය ප්‍රදේශයේ සිටියදී ඔහුව සොයාගත් නමුත් ඇති වූ වෙඩි හුවමාරුවකදී ඔහු මියගිය බව පොලිසිය වාර්තා කරයි.


ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් නොහොත් 'නීලක' නමැත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මෙලෙස මිය ගොස් තිබේ.
සැකකරු වෙඩි තැබීමට භාවිත කළ ටී-56 වර්ගයේ ගිනි අවිය සහ උණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධ පෙර විස්තර පහතින්
2pm update

අද (17දා) පෙරවරුවේ හොරණ කඳන ප්‍රදේශයේ මහත් කලබගෑනියක් වාර්තා විය.හෙරොයින්  මත් කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය පානය සඳහා දැඩිව ඇබ්බැහි වූවකු  අහසට වෙඩි තබා වෙනත් අයෙකු භාරයේ තබා සිටි ඔහුගේ දරුවා රැගෙන යාමකි.

මෙම පුද්ගලයා පිය සෙනෙහස පෙන්නුම් කරමින් දරුවා ගෙනගියාදැයි යන්න සැක සහිත වන්නේ ඔහුගේ අපරාධ ඉතිහාසය එතරම් යහපත් එකක් නොවන බැවිනි.
ඔහුගේ එකම දරුවා මෙලෙස රැගෙන ගොස් තිබුනේ අධිකරණය මගින් ඔහුගේ මව භාරයට තාවකාලිකව දරුවා පත් කර අද (18දා)
දින පරිවාසයට යොමු කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදීය.
මෙම කලබගෑනිය කර තිබුනේ මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ " ඉළිබේ රංජි ගේ පුතා නොහොත්  නීලක "නැමැත්තෙකි.



දරුවාගේ නැන්දා එනම් මෙම පුද්ගලයාගේ සොයුරිය භාරයේ සිටි දරුවා නැවතී සිටි නිවස  ඉදිරිපිටට පැමිණ ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා බිය ගන්වා වයස අවුරුදු 7ක සිය දරුවා රැගෙන ගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි
අද (17දා) පෙරවරු 7.40.ට පමණ ත්‍රිරෝද රථයකින් ආ නිලක අහසට වෙඩි දෙකක් තබා තර්ජනය කර නිවස  තුළට ගොස්  නිවසේ සෑම තැනක්ම සෝදිසියට ලක් කර දරුවා රැගෙන ගොස් ඇතැයි  පැමිණිල්ලේ දැක්වේ.



නීලක මීට සතියකට පමණ ඉහත දී සිය බිරිඳගේ අත්පා වෙන් වන ලෙසෙ තියුණු ආයුධවලින් කපා හිසටද බරපතල තුවාල කර තිබුණ අතර
ඔහු රිමාන්ඩ් භාරයේ සිටි අවධියේදී   බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ අනියම් සබඳතාවයක් පැවැත්වීමට දඩුවමක් ලෙස එය කළ බව කියා තිබුණි.
 අනියම් ඇසුර පැවැත්වූ ත්‍රීරෝද රථ රියදුරුට බුලත්සිංහලදී පිහි ඇණුම් සිදු කර බරපතල තුවාල කර තිබූ බවද වාර්තා විය.
දරුවාගේ භාරකාරීත්වය ගැන ප්‍රශන මතුවූයේ මෙම සිදුවීම් වලින් පසුවය.

මීට වසර කීපයකට ඉහතදී හොරණ කිරිගල  වධකාගාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට ඇප මත නිදහස්ව සිටි නීලක
මත් කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සඳහා දැඩිව ඇබ්බැහි වූවකු බව කියැවේ.

 නීලක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ විමර්ශන අරඹා ඇත.