neelaka-killed-horana

හොරණ, කඳන ප්‍රදේශයේදී අහසට වෙඩි තබා බිය වද්දමින් දරුවෙකු පැහැරගෙන ගොස් සිටියදී ඊයේ පොලිසිය සොයමින් සිටි ඉලීබේ රංජිගේ පුතා හෙවත් නීලක සඳරුවන් (24) හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ ඇති වූ වෙඩි හුවමාරුවකදී පොලිස් වෙඩි පහරින් මියගොස් තිබිණි.


බැල්ලපිටිය අඟුරුවාතොට බිඩිකොළ හංදිය ප්‍රදේශයේ දෙමහල් නිවසක දරුවා රඳවාගෙන සිටින බවට ලද තොරතුරු මත අඟුරුවාතොට පොලිසිය එහි ගොස් ඇති අතර පොලිසිය ආ බව දැනගත් නීලක ටී 56 ගිනි අවියකින් ඉහළ මාලයේ සිට පොලිසියට දිගටම වෙඩි ප්‍රහාර එල්ල කළ බවත් ඔහුව නොමරා අල්ලා ගැනීමට පොලිසිය තම සහායට හොරණ විශේෂ කාර්ය බළකා කඳවුරේ සහායද ලබාගත් බවත් පැවසිණි. නමුත් විශේෂ කාර්ය බළකා ක්ෂණික ප්‍රහාරක යතුරුපැදි කණ්ඩායම් නිවසට කඩාවැදීමත් සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් නීලක මියගිය බව පොලිසිය වාර්තා කර තිබේ.

එම අවස්ථාව වන විට සැකකරුගේ සත් හැවිරිදි දරුවා එහි නොසිටි අතර දරුවා බලාගන්න යයි ඔහු මිතුරෙකුට දන්වා ඊයේ සැඟවී සිටි බව හෙලිවිණි. පසුව  එම මිතුරා හොරණ මූලස්ථාන පොලිසිය වෙත දරුවා භාර දී  ඇති අතර පොලිසිය පසුව යළි මිත්තණිය වෙත දරුවා බාර කෙරිණි.එම දරුවා අද (18 වැනිදා) පරිවාස භාරයට පත් කිරීමට නියමිතව ඇත.



පොලිසිය සඳහන් කළේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු වන  නීල ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන්ද චෝදනා ලබා ඇති බවයි.
මෙම පුද්ගලයා දරුවාගේ මවට ද පසුගිය 11 වන දා තියුණු ආයුධයකින් කපා කොටා බරපතළ තුවාල සිදු කර ඇති අතර මේ වන විට ද ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
මියගිය නීලක රිමාන්ඩ් භාරයේ සිටියදී බිරිඳ සමග සම්බන්ධතාවක් පැවැත් වූ බව කියන ත්‍රිරෝද රථ රියැදුරකුට ද බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක්ද පැවතිණි. බිරියගේ අත්පා කපා ඇත්තේ එකී පටලැවිල්ලට පලිගැනීමක් ලෙසින් බවද පැවසිණි.සැකකරු බිරිඳගේ මවද දූෂණය කිරීමට උත්සාහ දරා තිබේ.
නීලක  ඝාතනය වීමේ සතුට සමරමින් ඊයේ හොරණ ප්‍රදේශයේ රතිඤ්ඤා දල්වා ඇතැයි ද වාර්තා වේ.

මීට වසර කීපයකට ඉහත දී හොරණ කිරිගලහේන ප්‍රදේශයේ වධකාගාරයක් පවත්වාගෙන යමින් අහිංසක පුද්ගලයන්ට හිංසා කරමින් ජනතාව භීතියට පත් කිරීමේ චෝදනාවට නීලක අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.