බිරියගේ අතපය කපා බරපතල තුවාල සිදු කර පසුව අහසට වෙඩි තබා සිය 7 හැවිරිදි පුත්‍රයා පැහැරගෙන ගොස් සැඟවී සිටියදී පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් මරු දුටු නීලක නමැති තරුණයා සම්බන්ධ වැඩිදුර සිදු කරන විමර්ශනයේදී මේ ආසන්න කාලයේදී මතුගම සිදුවූ ව්‍යාපාරික බිරිය ඝාතනයද ඔහු විසින් සිදුකරන්නට ඇති බවට සැක මතුව තිබේ.
ඉකුත් 15 වැනිදා රාත්‍රි මතුගම ව්‍යාපාරිකයෙකු මරාදමන්නට පැමිණි දෙදෙනෙකු ව්‍යාපාරිකයා සැඟවී සිටීම නිසා නිවසේ ක්ලාන්තව වැටී සිටි ව්‍යාපාරිකයාගේ බිරිය මරා පළාගොස් තිබූ අතර මෙම ඝාතනය සිදු කළ අය තවම අත්අඩංගුවට ගෙන නොමැත.
තිදරු මව වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා ‘නීලක‘ බවට අනුමාන කරන බව, ඝාතනය සිදුවන මොහොතේ එම නිවසේ සිටී වැඩිහිටි කාන්තාවක් ප්‍රකාශ කර ඇතැයි පොලිසිය පවසයි.
තිදරු මවට වෙඩි තබා ඝාතනය කරන මොහොතේ නිවසේ සිටි තැනැත්තිය හොරණ මූලික රෝහලේ තැන්පත් කර ඇති නීලකගේ මෘතදේහය,
හා මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ පළවූ ඡායාරූප සංසන්දනය කරමින් මෙම අනුමානය සිදු කර ඇත.
මතුගම නිවසේ සීසීටීවී දර්ශන වැඩිදුර පරීක්ෂාවේදීද ඒ ගැන සැකය තීව්ර වන බව පොලිසිය සඳහන් කරයි. මතුගම, ගාමිණී මාවතේ ව්‍යාපාරිකයාගේ නිවසට ඉකුත් 15 දා රාත්‍රියේ කඩා වැදුණු දෙදනකු චන්දිමා දිල්හානි පෙරේරා නමැති 46 හැවිරිදි දෙදරු මවගේ හිසට වෙඩිතබා පලාගොස් තිබුණ අතර එසේ වෙඩි තබා තිබුනේ ටී56 වර්ගයේ ගිනි අවියකිනි. මියගිය නීලක අහසට වෙඩි තැබීමට මෙන්ම පොලිසිය සමග අවසන් කලබගෑනිය 17 වනදා කර තිබුනේද ටී 56 ගිනි අවියකිනි.
මෙම සිදුවීම් ආසන්න දිනවල සිදුව තිබීමත් සැකකරුගේ හැඩරුව සමාන වීමත් නිසා ඝාතන කොන්ත්‍රාත්තුවක් මත නීලක මෙම කටයුත්තට සම්බන්ධ වන්න ඇතැයි පොලිසිය සැක කරයි.
මතුගම ප්‍රහාරය සඳහා මාක් 1 (කචල් බට්) වර්ගයේ ගිනිඅවියක්ද යොදාගෙන ඇති අතර පොලිසිය ඒ ගැනද පරීක්ෂණ සිදු කරයි.
නීලක භාවිත කළ අංක තහඩු නොමැති ඩිස්කවරි වර්ගයේ යතුරුපැදිය සමග මතුගම ප්‍රහාරය එල්ල කිරිම සඳහා ඝාතකයින් පැමිණි වාහනය සොයා සසඳන්නටද පොලිසිය උත්සාහ කරමින් සිටී. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුවේ.
0 Comments