nhs-uk-ppe-waste

බ්‍රිතාන්‍ය තුළ COVID-19 වසංගතයේ බලපෑම දරුණුවීමත් සමග එරට ජාතික සෞඛ්‍ය සේවාවට (NHS) අයත් පිරිස් සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂක ඇඳුම් (PPE) ඇතුළු උපාංග මිලදී ගැනීමේදී මහජන මුදල් අවභාවිතාවක් සිදුව ඇතැයි අනාවරණය වී තිබේ. පසුගියදා එරට ලිබරල් ඩිමොක්‍රැටික් පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී සිදුකළ විමසුමකට ලිඛිතව කරුණු ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය අමාත්‍ය එඩ්වඩ් අර්ගාර් විසින් මේ බව හෙළිදරව් කර ඇත. ඒ අනුව මෙය මෙවැනි වසංගත සමයකදී  මහජන මුදල් අනිසි ලෙස වියදම් කළ අවස්ථාවක් යැයි එම ලිබරල් ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් සඳහන් කර තිබේ.

අමාත්‍යවරයාට අනුව මේ වනවීට පවුම් බිලියන 2.7ක් පමණ වටිනාකමින් යුතු පුද්ගල ආරක්ෂක උපාංග කට්ටල බිලියන 5කට වැඩි සංඛ්‍යාවක් අපත් ගොස් තිඛෙන බව සදහන්වෙයි. "බ්‍රිතාන්‍ය තුළ වසංගතය ඇති වූ 2020 මාර්තු මාසයේ සිට රජය මෙම පුද්ගල ආරක්ෂක උපාංග යටතේ ආරක්ෂිත ඇදුම්, මුඛ ආවරණ ඇතුළු භාණ්ඩ බිලියන 36.4ක ප්‍රමාණයක් ඇණවුම් කළා. මේ අතරින් ආසන්න වශයෙන් බිලියන 3.4ක ප්‍රමාණයක් අද අමතරව තිබෙන බවට අපි හඳුනාගෙන තිබෙනවා.

එම තොගය වටිනාකම පවුම් බිලියන 2.2ක්." යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර තිබේ.මේ අතර එම තොගයෙක්ද උපාංග බිලියන 1.2ක ප්‍රමාණයක් භාවිතයට නුසුදු මට්ටමේ පවතින බවත්, ඒවායේ වටිනාකම පවුම් මිලියන 458ක් ලෙසත් සඳහන්ව තිබේ. ඒ අනුව මෙලෙස අපත් ගොස් තිබෙන සමස්ත පුද්ගලික ආරක්ෂක උපාංගවල වටිනාකම පවුම් බිලියන 2.7ක් ලෙස ගණන් බලා ඇත.