අද දිනයේදී විදුලි කප්පාදුවක කිසිදු අවශ්‍යතාවක් නැතැයි මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
ප්‍රමාණවත් පරිදි දැවි තෙල් සහ ඩිසල් ලැබුණහොත් දිවයිනේ කිසිදු ප්‍රදේශයකට අද දින විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයද පවසයි.
බොහෝ දුරට අද දිනයේදී විදුලි අවශ්‍යතාවට ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙනු ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා මහජන උපයෝගීතා කොමිසමද ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග සාකච්ඡා කිරීමට සූදානම්ව සිටියි. නොරොච්චෝලේ යුගදනවි බලාගාරයේ හට ගත් දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙයි. ඒ අනුව ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 100 ක ධාරිතාවක් එක් කිරීමට හැකි වූ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
0 Comments