කෙසේ වෙතත් ඔහු අද (01)දා දිනයේදී යළිත් කෝවිඩ්-19 පක්‍ෂණයකට යොමු කිරීමට නියමිතව ඇතත්, එම පක්‍ෂණයෙන් කෝඩ්19 ඍණාත්මක වුවද ඔහුට ක්‍රීඩා කිරීමට පෙර වැඩිදුර පක්‍ෂණවලට භාජනය වීමටද සිදුව තිබේ.ඔහු මීට දින හයකට පෙර සිදුකළ කෝවිඩ්19 පක්‍ෂණය ධනාත්මක වී තිබූ අතර,
ඔහුගේ දෙවැනි පී.සී.ආර්. පරීක්‍ෂණය මූලික 1 පක්‍ෂණයෙන් හත්වැනි දිනය වන අද දිනයේදී · සිදුකිරීමට නියමිතව ඇත.කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සංචාරය සඳහා අනිද්දා (03)දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බැවින්, තුෂාර ඔවුන් සමග ගමන් කළ හැකිද යන්න හෝ එසේත් නොමැති නම් කණ්ඩායම සමග නොමැතිව වෛද්‍ය කණ්ඩායම සමග ගමන් කරන්නේද යන්න අද කෙරෙන පරීක්‍ෂණයෙන් තීරණය කරනු ඇත මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය අංශ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාට අනුව, තුෂාරට අද කෙරෙන කෝවිඩ්-19 පක්‍ෂණය ඍණාත්මක වුවද, ක්‍රීඩා කිරීමට අවසර ලබා ගැනීමට පෙර වැඩිදුර පරික්ෂණවලට භාජනය විය යුතුය.
දැනට රෝග ලක්‍ෂණ පෙන්වා නොමැති 27 හැවිරිදි නුවන් තුෂාර සංචාරයට එක් කිරීම සම්බන්ධයෙන් සුබවාදී ආකල්පයක සිටින මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඔහු සමග වෙනත් කිසිවෙකු සමීපව ඇසුරු නොකළ බවද තහවුරු කර තිබේ. මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ අභ්‍යාසක - (Trainer) ඩිල්ශාන් ෆොන්සේකාටද කෝවිඩ්-19 . ආසාදනය වී ඇති අතර, මොවුන් දෙදෙනාම මේ වනවිට වෛද්‍ය කණ්ඩායමක් යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමුකළ නිවේදනයක සඳහන් වනුයේ, මොවුන් දෙදෙනාම මෙම මස 10වැනිදා යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවයි.
(පැතුම් ශ්‍රී විජේරත්න)
0 Comments