nuwara-eliya-fuel-issue

පවතින ඩීසල් හිඟය නිසා නුවරඑළිය ප‍්‍රදේශයට පිටතින් දේශීය සංචාරකයන් රැගෙන පැමිණි වාහන ද ඩීසල් නොමැතිව පෝලිම්වල සිරවී සිටින්නට සිදුවූ බව වාර්තාවේ.


ඔවුන්ට තම ගම් පෙදෙස්වලට යෑම සඳහා ප‍්‍රමාණවත් පරිදි වාහනවලට ඉන්ධන ලබාගත නොහැතිව මහත් අපහසුතාවන්ට පත්ව ඇත.
නුවරඑළියේ ඉන්ධනහල් අවට කිලෝමීටර් දෙකක පමණ දුරට වාහන පෝලිම් වාර්තා විය

මෙම හේතුව නිසා ඉන්ධන හල් සේවකයන් හා රියැදුරන් අතර උණුසුම්කාරී තත්ත්වයන් ද හට ගැනුණි.
ඇතැම් අයට ඊයේ දිනයේදී ද ඩිසල් ලබාගැනීමට නොහැකි විය. ඒ අනුව තමන්ට විශාල මුදලක් ගෙවා අද දිනයේදී ද නුවරඑළියේ රැඳී සිටීමට සිදුවන බව එම ජනතාව පැවසූහ.
ඩීසල් නොමැතිවීම නිසා එළවළු ප‍්‍රවාහනයට බාධා මතු වී තිබුණි.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක