එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි ස්ටේටන් අයිලන්ඩ්හි වෙසෙන සුදු පැහැ වලිගයක් සහිත මුවන් තුළ COVID-10 වෛරසයේ ඉහළ සම්ප්‍රේෂණයක් සහිත Omicron ප්‍රභේදය තිබී හමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මෙම නව ප්‍රභේඳය වන සතුන් තුළ හමුවුණු පළමු වැනි අවස්ථාව බවටද මෙය පත්ව තිබේ.
මුව විශේෂය එක්සත් ජනපදය පුරා ව්‍යාප්තව සිටින බවත්, ඔවුන් මිනිසුන් හා සමීපව ඇසුරු කරන බවත් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙම සතුන් එම වෛරසය වෙත ඉතාමත් ඉක්මනින්ම ගොදුරු විය හැකි පිරිසක් ලෙසටද නම්කෙරී ඇත. එසේම මෙම මුවන් COVID-19 වෛරසයේ නව ප්‍රභේදයක ප්‍රභවයක් බවටද පත්විය හැකි බව විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.
මීට පෙර 2020 වසරේ අගභාගයේදී එක්සත් ජනපදයේ - ඉඕවා ප්‍රාන්තයේදී සහ 2021 මුල භාගයේදී ඔහියෝ ප්‍රාන්තයේදීද මුවන් තුළ මෙම වෛරසය තිබී හමුවූ බවට වාර්තා පළ විය.මේ අතර එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව මේ දක්වා එරට ප්‍රාන්ත 13කදීම මෙලෙස COVID-19 ආසාදිත මුවන් වාර්තා වී තිබේ. එහිදී එම සතුන්ට වැලදී ඇත්තේ මීට පෙර හමුවුණු වෛරසයේ ප්‍රභේද බව එරට සත්ව සහ පැළෑටි පිළිබද සෞඛ්‍ය නිරීක්ෂණ සේවාව සදහන් කර සිටියි.
මෙලස Omicron ප්‍රභේදය ආසාදනය වී ඇති එම එක් සුදු පැහැ වලිගයක් සහිත මුවෙකු තුළ වෛරසයට එරෙහි ප්‍රතිදේහ ඉහළ මට්ටමකින් වර්ධනයවීමක් හැදුනාගත් බවද පර්යේෂකයන් පවසයි.
ඒ අනුව එම සත්වයාට මීට පෙර වෛරසය ආසාදනය වී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වෙතත් මෙලෙස මුවන්ගෙන් මුවන්ට එම වෛරසය බෝවීම පිළිබදව එතරම් සැලකිලිමත් නොවිය යුතු වුවත්, යම් ලෙසකින් එය මුවන්ගෙන් මිනිසුන්ට බෝවීමක් සිදුවීම පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇතැයි පර්යේෂකයන් පවසයි. එය තවත් විකෘති වෛරස් ප්‍රභේදයක් විය හැකි වීම ඊට හේතුවයි.
0 Comments