one-hour-power-cut-islandwide
ලංකා විදුලිබල මණ්ඩලය කරනු ලැබූ ඉල්ලීමකට අනුව අද(21) උදෑසන 8.30 සිට 5.30 දක්වා දිවයින පුරාම පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පැයක කාලයක් ලංකාව පුරාම විදුලි කප්පාදුව ප්‍රදේශ නවයකට බෙදා සිදුකරන බවයි.



එමෙන්ම දකුණු පළාතේ පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බවත් එය පෙරවරු 8.30 සිට 5.30 දක්වා කාලය තුළ සිදුකරන බවත් දකුණු පළාත ප්‍රදේශ තුනකට බෙදා පැය තුනක කප්පාදුව සිදු කරන බව ඔහු කියා සිටියේය.

මේ වන විට පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් අපහසුතාවයට පත් නොවන ආකාරයට විභාග පවත්වන ලෙස ද

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තුමා සහ විභාග කොමසාරිස්තුමා විසින් ඉල්ලීමකුත් කළ බවත් ඒ අනුව පෙරවරු 8:30 -11.30 අතරත් 1.30-4.30 අතර විදුලි කප්පාදුවක් සිදු නොකර කටයුතු කරන ලෙස මේ වනවිට ඉල්ලීමක් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර ඇති බවත් සුබදායි ආකාරයෙන් එය විසඳීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.