මවගේ දුරකතන ඇමතුමකට පිළිතුරු දුන් 14 හැවිරිදි දියණියක 27 හැවිරිදි තරුණයකු සමග හොරණ ප්‍රදේශයේ නිවෙසක සිටියදී පසුගිය 8 වැනිදා අත්අඩංගුවට ගත් බව පින්වත්ත පොලිසිය කියයි. මෙම දැරිය දැනට වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා
රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. කාන්තාවක විසින් සිය දියණිය නිවෙසේ නොමැති බවට කළ පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී මේ බව අනාවරණය වී තිබේ.
මීට මාස දෙකකට ප්‍රථම එම කාන්තාවකගේ ජංගම දුරකතනයට 27 හැවිරිදි තරුණයකු ගෙන් ආ ඇමතුමක් දුර දිග යාමෙන් 14 හැවිරිදි සිසුවිය සමග දුරකතනයෙන් සම්බන්ධ වී ඇතැයි පොලිසිය කියයි. තරුණයා මීට දින දෙකකට ප්‍රථම නිවැසියන්ට හොර රහසේ සිසුවිය හොරණ ප්‍රදේශයට කැටුව විත් නිවසක සගවාගෙන සිටිය දී පොලිස් අත්අඩංගුවට පත්විය. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
0 Comments