බාල සහෝදරයාගේ නිවසේ සුරතලයට ඇතිකරන බල්ලා වැඩිමහල් සහෝදරයාගේ දරුවා සූරා දැමූ සිද්ධියක් මත බහින්බස්වී වැඩිමහල් සහෝදරයාගේ ගෙල පිහියකින් කපා ඝාතනය කළ බාල සොයුරෙකු ගැන පනාමුර පොලිසිය වාර්තා කරයි.
ඝාතනය සිදුවීමට පෙර දිනයේ එනම් 5 වැනිදා තම බාල සහෝදරයාගේ නිවෙසේ සුරතලයට ඇති දැඩි කරන සුනඛයා මියගිය අයගේ දරුවාගේ සීරීමක් සිදු කිරීමක් හේතුවෙන් වූ ආරවුල පැනනැගී ඇත.
මෙම සිදුවීමෙන් පසුව වැඩිමහල් සහෝදරයා මන්නා පිහියක් රැගෙන බාල සහෝදරයාගේ නිවෙසට පැමිණ ඇත්තේ සුනඛයා මරා දැමීමට යැයි පවසමින් බවත් එම අවස්ථාවේ බාලට සහෝදරයාගේ බිරිය බල්ලා මරා දැමීමට හරස් වීම නිසා ඇයගේ අතක් තුවාල කර ඇති බවත් පොලිසිය පවසයි. පොරොවක් රැගෙන මියගිය අයගේ බාල සහෝදරයා එම ස්ථානයට පැමිණීමත් සමග දෙදෙනා අතර පොර බැදීමක් සිදුවී ඇති බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය කියයි.
දෙදෙනා අතර පොර බැදීම සිදුවෙද්දී වැඩිමහල් සහෝදරයා ඝාතනයට ලක්ව ඇති බව මූලික පොලිස් පරික්‍ෂණයෙන් හෙළිවී යැයි පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ මුල්ඇඩියාවල ප්‍රදේශයේ ලියනආරචිචි කංකානම් පතිරණගේ රංජිත් නමැති හතළිස් එක් හැවිරිදි පියෙකි.
අත කැපී තුවාල ලැබූ සැකකරුගේ බිරිය මේ වනවිට ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.
0 Comments