රිය අනතුරක් වී පුද්ගලයෙකු මියගියොත් ඔහු වෙනුවෙන් මහජන බදු මුදලින් රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වැය වෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා රථවාහන, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,'' රිය අනතුරු කියලා කියන්නේ හරියට ත්‍රස්තවාදය වගේ, පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අපේ රටේ දිනකට හත් අට දෙනෙක් ඝාතනය කර, තවත් හතළිහක් පනහක් තුවාල සිදුකළා. ඒ ත්‍රස්තවාදය නිසා. අද වෙනකොට රිය අනතුරු මගින් දිනකට හත් අටදෙනෙක් එක්කෝ නවයක් දහයක් රිය අනතුරුවලින් මිය යනවා. ඒ වගේ හතළිහකට ආසන්න පිරිසක් තුවාල ලබනවා. එයත් හරියට ත්‍රස්තවාදයක් වගේ.
ඒකට අපට මාර්ග ත්‍රස්තවාදය කියලා හඳුන්වන්න පුළුවන්. පසුගිය වසරේ රිය අනතුරු සම්බන්ධයෙන් සලකලා බැලුවොත් අපට වාර්තා වෙලා තියෙනවා අනතුරු22,000ක්. එයින් මිය ගිහින් තියෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2,470ක්. තුවාල ලබපු සංඛ්‍යාව 14,000ක්. කෝවිඩ් වසංගතයේ තියෙද්දි බොහෝ කාල පරිච්ඡේදයක් රට වහල තියෙද්දිත්, සංචරණ සීමා පනවා තිබෙද්දී, නිරෝධායන ඇඳිරි නීතිය තියෙද්දිත් අනතුරු22,000 වාර්තා වීම, ඒ වගේම පුද්ගලයෝ 2,470ක් මියයාම යන කරුණු පිළිබඳ සලකා බැලීමේදී රිය අනතුරුවල ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. ඒකෙන් අදහස් වන්නේ, දවසකට රිය අනතුරු 60ක් පමණ සිදුවෙලා තියෙනවා. ඒවගේම පුද්ගලයන් හතළිහක් පමණ තුවාල ලබලා, පුද්ගලයන් හත්දෙනෙක් පමණ මිය ගිහින් තියෙනවා.මේ වර්ෂයේ එයට වඩා වෙනස් සංචරණ සීමා නැහැ. නිරෝධායන ඇදිරී නීතිය නැහැ.
ඒ නිසා සාපේක්‍ෂව බොහෝ දිනවල රිය අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව සාමාන්‍ය අගයදහයක් පමණ වෙනවා. දිනකට පුද්ගලයන් දසදෙන්නෙක් රිය අනතුරුවලින් මිය ගියොත්, වසරකට පුද්ගලයන් 3,650ක් වෙනවා රිය අනතුරුවලින් මියයන සංඛ්‍යාව. කෙසේ වෙතත් පුද්ගලයෙක් මියගියාට පස්සේ රටේ අපරාධ යුක්ති ක්‍රමය සඳහා නඩුවක් අවසන් වනතුරු අපරාධ නඩුවක් යන්න ඕන මරණ පරික්‍ෂණයක් නවත්තන්න ඕනේ ඒ ගැන විමර්ශනය කරන්න ඕනේ. වසර තුන හතරක් හෝ පහක් යන්න පුළුවන් සාපේක්‍ෂව රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වැය වෙනවා.ඒ අනුව බලන කළ අවුරුද්දකට පුද්ගලයන් 3,650 රිය අනතුරුවලින් මිය ගියහොත් මිලියන 3,650ක් වැය වෙනවා.
ඒ කියන්නේ අවුරුදු 10ක කාලයකට මේ ආකාරයෙන් මියගියහොත් රුපියල් මිලීයන 36,500ක මුදලක් වැය වෙනවා. තවත් අය තුවාල ලබනවා. සමහර වෙලාවට බරපතළ තුවාල ලැබූ අයගේ තත්ත්වය අවදානම් ජීවිත කාලයටම සිවිලිම දිහා බලාගෙන ඉන්න පුළුවන්. ජීවිත කාලෙම රෝද පුටුවකට වෙලා ඉන්න පුළුවන්. ජීවිත කාලයටම කිහිලිකරුවකින් යන්න පුළුවන්. ඒ නිසා අපේ අනතුරු හෙවත් මාර්ග ත්‍රස්තවාදය වැළැක්වීමට හැම කෙනාගෙම දායකත්වය අවශ්‍යයි.
මේ රිය අනතුරුවලට හේතු වෙලා තියෙන ප්‍රධානතම කාරණය වන්නේ, අවිනීත රියැදුරන්ගේ අපරික්ෂාකාරී, නොසැලකිලිමත් රිය ධාවනය. අධික වේගයෙන් රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, දුරකථනය හරහා කතා කරමින් රිය පැදවීම, ඒ වගේම වාහනවල දෝෂ තිබියදී එම දෝෂ පිළිබඳ නොසලකා රිය පැදවීම නිසාම මහා මාර්ගයේ කුඩා වාහනවල ගමන් ගන්නා අය විශේෂයෙන් යතුරුපැදි පදවන සහ පසු පැදිකරුවන්, ත්‍රිරෝද රථවල ගමන් කරන අය, මාර්ගයේ පයින් ගමන් කරන අය රිය අනතුරුවල වින්දිතයන් බවට පත් වෙලා තියෙනවා.රථවාහන පොලීසිය හැටියට අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස කිහිපය තුළ දැවැත්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම එක් පැත්තකින් මත්පැන් වගේම මත්ද්‍රව්‍ය භාවිත කර ගමන් කරන අය සම්බන්ධයෙන් අලුත් නීති හඳුන්වලා දෙන්න.
ඊට අදාළ රෙගුලාසි අනුව අලුත් උපකරණයක් හඳුන්වා දෙන්න. විශේෂයෙන්ම මේ වනවිට මත්ද්‍රව්‍ය මත්පැන් පානය කර වාහනයක් පදවනවා නම්, එවැනි අය පරික්ෂා කිරීමට බැලූනය හෙවත් බ්‍රොතලයිසර් උපකරණය තිබෙනවා. මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කර ගමන් කරන පුද්ගලයන් හඳුනා ගැනීමට ඉදිරියේදී අනෙකුත් රටවල භාවිත කරන නවීන තාක්‍ෂණය එමෙන්ම උපකරණ එකතු කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒවා අපගේ නීතියට අනුගත කිරීමේ රථවාහන පොලීසිය අනෙකුත් පාර්ශ්ව පාර්ශ්වකරුවන් සමග කටයුතු කරමින් සිටිනවා. සමහර අය මත්පැන් පානය කර වාහන පදවනවා වගේම මේ වනවිට මන්ද්‍රව්‍ය භාවිත කරවාහන පැදවිය වීමේ ප්‍රවණතාවක් තියෙනවා.
සාමාන්‍යයෙන් අපට තියෙන දත්ත අනුව දිනකට 1,200ක් 1,300ක් පමණ දෙනා මෝටර් වාහන සඳහා රියදුරු බලපත්‍ර ලබා ගැනීමට මෙන්ම අලුත් කිරීමට ඒ සඳහා අදාළ වෛද්‍ය ආයතන වෙත පැමිණෙනවා. සාපේක්‍ෂව බලන කල 8%ත් 10%ත් අතර ප්‍රමාණයක් සමහර විට මත්පැන්වලට ඇබ්බැහි වූවන් බවට ඒ පරීක්‍ෂණවලින් අනාවරණ වී තිබෙනවා. ඒක හරී. භයානක තත්වයක්. දැනට දින කිහිපයකට පෙර මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසියත් මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා.
ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිත කර වහන පදවන පුද්ගලයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. උදේට වාහනය පැදවීමට නිවසින් එළියට ගන්නවට ඔබ හැම විටම සිතන්න ඔබ රියදුරු කියලා. එහි පැති කණ්ණාඩි තියෙනවද, ඒ වගේම ඒ බෝඩ් එකේ සංඥා ලාම්පු පත්තු වුණත් පිටුපස ලාම්පු පත්තු නොවිය හැකිය. ඇත්තටම සංඥා ලාම්පු පත්තු වෙනවද. ? බ්‍රේක් ලයිට් තියනවද? ටයර් ගෙවිලාද යන කරුණු ගැන දැඩි සැලකිලීමත් වෙන්න ඕනේ. තමන් මොන තනතුරු දැරුවත් රියැදුරෙක් බව සිතට ගෙන පදවන්න.ඒ වගේම ඔබ කිසිම අවස්ථාවක වේගයෙන් පදවන්න එපා. සමහර වෙලාට ඔබට යම් දෙයක් අහිමි වෙන්න පුළුවන් වේගය අඩු වෙච්ච නිසා. ඒත් ඔබගේ ජීවිතයේ මෙන්ම අන් අයගේ ජීවිතත් බේරෙනවා”
(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
0 Comments