නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබෙන අතර මේ හේතුව නිසා නැවත විදුලි කප්පාදුවක් අද (1) සවස සිටම දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් වාර්තාවී තිබේ.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතත් අක්‍රිය වී ඇති බව තහවුරු කර ඇත.
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක විදුලිබලයක් අහිමි වන බැවින් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම නවතා ඇත.
ජනන යන්ත්‍රිය අක්‍රීය වුවද විදුලිය විසන්ධි කිරීම අවශ්‍ය නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද පස්වරුවේ සදහන් කළේය.
මේ අතර ඇමති ගාමිණී ලොකුගේද අද මාධය වෙත අදහස් දක්වමින්
‘මම වගකීමෙන් කියන්න කැමතියි, අපි කිසිම ආකාරයක විදුලි කප්පාදුවකට යන්න සූදානමක් නැහැ” කීවේය.
ඔහු එසේ කීවද අද සවසම විදුලිය බිඳ වැටිණි.
0 Comments