power-cut-shedule

අද (15) සිට විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.ජල විදුලි නිෂ්පාදනය  අවමවීම හා බලාගාර සතු ඉන්ධන සීමා වීම මීට හේතුවයි. අද පස්වරුවේ ජනතාවට මේ ගැන නිල වශයෙන් දන්වා සිටින අතර  ජනතාව අපහසුවට පත්වීම අවම කිරීමට ඉදිරි මාස 03 සදහා විදුලි බලය කළමණාකරණය කිරීමට සැලසුම් කර තිබේ.


ශ්‍රී ලංකාව ඛාණ්ඩ හතරකට බෙදා A,B,C,D ලෙස මෙම කප්පාදුව සිදුකරන්නට සිදුවනු ඇතැයි විදුලි බල මණ්ඩලය දන්වා ඇතත්

එයට මහජන උපයෝගිතා කොමිසම එකඟවී නැත.
දැනට ජනනය කරන්න හැකියාව තිබෙන්නේ මෙගා වොට් 2,000ක් හෝ 2,200ක් වැනි ප්‍රමාණයක් බැවින් පවතින ඉන්ධන ප්‍රමාණය සැලකිල්ලට ගෙන
පුද්ගලික ව්‍යාපාර ස්ථානවලට තමන්ගේ ජෙනරේටර පාවිච්චි කිරීමට යෝජනා කරන බව මහජන උපයෝගිතා කොමිසම දන්වා ඇත.
ව්‍යාපාරික ස්ථානවලට  පොදු සේවාවක් කරන ස්ථානවලටත්  විදුලි කප්පාදුවක් නොකර මහජනතාවට අඩුම හිරිහැරයක් සිදුවන ආකාරයට ධාරිතාවය මත පදනම්ව නව ක්‍රමවේදයක් සකසා ඇතැයිද එය සවස නිල වශයෙන් දන්වන බවද පවසා තිබේ.