power-issue-sri-lanka

දිවයින පුරා අද පස්වරු 2.30 සිට 6.30 දක්වා පැය 01ක කාලයක් සහ පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා විනාඩි 45ක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව  නිවේදනය කර තිබේ.


පසුගිය දිනවල මාස 3 ක් තිස්සේ මේ තත්වය පැවතිය හැකි බවට ඔවුන් ඉඟි කර තිබුණි.
අනිවාර්ය විදුලි කප්පාදුවකට යා යුතු බව හා ඊට අදාළ ක්‍රමවේදය ද ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පැවසුවත් ඔවුන් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට පෙර ලැබුණ කිසියම් උපදෙසක් නිසාදෝ ‘විදුලිය කප්පාදුවක් නොකරන බවත් හෙට වෙන දෙය දැන්ම කියන්න බෑ ජීවිතය අනියතයි‘ වැනි අවිනිශ්චිත අදහස් පළ කර තිබුණි.
නමුත් සත්‍යයට මුහුණදීමට ඔවුනට සිදුවූ අතර විදුලි කප්පාදුව ගැන අද නිවේදනය කර තිබේ.
ඉන්ධන නො මැතිකම හේතුවෙන් විදුලි උත්පාදනය ඇණහිටි කැලණිතිස්ස සොජිට්ස් බලාගාරය  ප්‍රකෘති තත්ත්වයට පැමිණ නැති බවත් වාර්තාවන අතර ඉන්ධන බදු ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අද දිනයේ ලිඛිත ඉල්ලීමක් සිදුකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබුණි.