power-cutting-conspiracy-unfolds-in-the-near-future---Johnston


ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  ” අයවැයෙන් වැඩ ලක්ෂයක් ” ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනට පසුගිය දා නිකවැරටිය මිල්ලගොඩ ප්‍රදේශයේ දී එක්වෙමින් මෙසේ පැවසීය.



‘ගෑස් ප්‍රශ්නයේදිත් මම කිව්වා කවුරුහරි මේක පිටුපස ඉන්නවා කියලා.එතකොට මට ගොඩක් අය බැන්නා . දැන් ගැස්පුපුරනවා දැකල තියනවාද. විදුලියෙදි තියෙන්නෙත් මේ වගේම ප්‍රශ්නයක්.එක පාරට කැඩෙනවා . මාස ගණන් වහනවා . ජනතාවට දැනෙන්නේ නැද්ද මේ විදුලි බලය අර්බුදය පිටුපස්සේ කුමක් හෝ දෙයක් තියනවා කියලා.

මේක පිටුපස්සේ කුමන්ත්‍රණයක් තිබෙනවා . ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ . මේ දේවල් පිටුපස කුමක් හෝ දෙයක් තියෙනවා. බෝම්බ තිබ්බ අය එලිවුනා වගේ මේ දේවලුත් ඉදිරියේදී එළිවෙයි. ඒ සම්බන්ධව අපගේ ජනාධිපතිතුමා කටයුතු කරයි. අඬ බෙර ගහන්නෙ නැතුව උපක්‍රමශීලීව ඔය හැම කෙනෙක්වම පොලිසිය හෙලිකරයි. වෘත්තිය සමිති වලට අපි කියන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. මේ ක්‍රියාත්මක වෙන්නේ තනිකර යටි උගුල් කුමන්ත්‍රණයක්. ඡන්ද වලට මුහුණ දීලා ජනතාවගේ කැමැත්තට අපි ඉඩ දෙමු. මිනිසුන් මරලා මළ මිනි මතින් දේශපාලනය කරන්න හදන්න එපා. මිනිසුන්ගේ විදුලිය කපලා බලය ලබා ගන්න හදන්න එපා. ඒවා වැරදි වැඩ…’