pushpika-chamuditha

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පසුගියදා එල්ල වූ ප්‍රහාරයට ආසන්න කාලයේ ශ‍්‍රී ලංකා හිටපු විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය සමග චමුදිත පැවැත්වූ සාකච්ඡාවක් ආන්දෝලනයට තුඩුදුන් අතර අසූචි ප්‍රහාරයට හේතුවූයේ එම ගැටලුවදැයි පිලියන්දල පොලිසියට සැකයක් මතුව තිබෙයි.
පුෂ්පිකා, රෝසි සේනානායක මහත්මියට එරෙහිව විවිධ චෝදනා නැගූ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන ලද්දේ

චමුදිත වන අතර මෙම සාකච්ඡාවේ කරුණු පදනම් කරගෙන මිසිස් වර්ල්ඩ් ඇමරිකානු ආයතනයේ අධ්‍යක්ෂිකාව සමග සාකච්චාවක් පැවැත්වූ තවත් මාධ්‍යෙව්දියෙකු වන ධනු හට පුෂ්පිකාගෙන් මරණ තර්ජන එල්ලවූ අතර ඔහු පොලිසියට යන්නට හා නීති මාර්ගයෙන් ඇයට එරෙහිව ක්‍රියාකරන්නට යොමු විය.
මීට අමතරව රෝසි සේනානායක මහත්මියද පුෂ්පිකාට එරෙහිව නීතිය හමුවට ගියාය.
මේ අතර මෙම සංසිද්ධියට අදාළ මිසිස් ශ්‍රී ලංකා දේශීය සංවිධායක චන්දිමාල් ජයසිංහ ඊට පසුව චමුදිත සමග සාකච්ඡාවකට එක්වී පුෂ්පිකාට එරෙහි චෝදනා එල්ල කළ අතර පුෂ්පිකා පසුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවටද කරුණු හෙළි කළේය.
පුෂ්පිකා මින් ඉහත ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයා සමග වැලිකඩ එල්ලුම්ගහ බලන්න ගිය කතාවක්ද සමාජ මාධ්‍ය තුළ ආන්දෝලන ඇති කර තිබුණි.


ඉදිරියේදී පොළොන්නරුවේ මන්ත්‍රී ධූරයකට තරගවදින බවට ප්‍රකාශ කර ඇති පුෂ්පිකාගේ කතාබහ හැසිරීම් සියල්ල දේශපාලන නායිකාවගේ ස්වරූප පෙන්නුම් කරන බවටද විවිධ විචාරයන් පසුගිය කාලයේ ප්‍රකාශ විය.

පසුගිය 14 වැනිදා  චමුදිත නිවසට අසුචි ප්‍රහාරය සිදු කළ අය සතියකට පසුවත් තවම සොයාගෙන නැති අතර මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.